මුලතිව් කැලේ අක්කර 1000ක් කැපීමට ගිය රවිහරන් හමුදාවෙන් වළක්වයි

දිනසේන රතුගමගේ:

මුලතිව් ප්‍රාදේශීය දේශපාලනඥයෙකු වන ටී.රවිහරන් විසින් මුලතිව් හා නෙඩුන්කේණී සීමාවේ අක්කර දහසක් පමණ දෙමළ ජනතාව අතර බෙදාදීම සදහා වනය එළිපෙහෙළි කිරීමට සූදානම් වූ අවස්ථාවේදී යුද හමුදාව මැදිහත් වී එම ක්‍රියාව 3 දා සවස නතර කොට තිබේ.

උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන ඔහු මුලතිව් හා නෙඩුන්කේණී පළාත් වල ඉඩම් නොමැති පවුල් දහසක් තෝරාගෙන ඔවුන්ට ඉඩම් ලබා දීම සදහා මුලතිව් ඔතියමලේ කැළයෙන් අක්කර 250 ක්ද, ඉරුකලම්පිලව් කැලයෙන් අක්කර 350 ක් හා ඔට්ටිසුඩාන් පළාතෙන් අක්කර 350 ක්ද එළි පෙහෙළි කිරීම සඳහා දෙමළ නියෝජිතයින් කීප දෙනෙකුට පැමිණෙන ලෙස දැණුම් දී තිබේ.


මේ වැසියන්ව කැඳවා ඇත්තේ ඉඩම් වල ප්‍රධාන මායිම් ලකුණු කිරීම සදහා වන අතර පසු දිනයේ ඩෝසර් යොදා එම කැළෑ ප්‍රදේශ එළි පෙහෙළි කිරීමට හිටපු මන්ත්‍රීවරයා පියවර ගෙන තිබුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම ඉඩම් බෙදාදීමද හුදෙක් මැතිවරණ අල්ලසක් වශයෙන් සිදු කිරීමට ගිය ක්‍රියාවක් වශයෙන් ආරක්ෂක අංශ සැක පහල කරණ අතර මේ පිළිබදව මුලතිව් යුද හමුදා නිලධාරීන්ට තොරතුරු වාර්තා වීමත් සමගම වහාම එම ප්‍රදේශයට ගොස් ඉඩම් එළිපෙහෙළි කිරීමේ කටයුතු නවතා දමා ඇත.

Exit mobile version