මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ ළමා දූෂක උප සභාපති ඇතුලු තිදෙනා ජූලි 15 තෙක් රිමාන්ඩ්…

Raped

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අන්තර්ජාලය ඔස්සේ මිල දී ගත් අවුරුදු 15 ක් වයසැති දැරියක දූෂණය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට පත්වුණු මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපති වරයාත්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුත් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ජූලි 15 දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරනු ලැබුවේය.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලොචන අබේවික්‍රම ඉදිරියේ පෙනී සිටීමෙන් පසු ඔවුන් රිමාන්ඩ් භාරයට පත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

අන්තර්ජාලය ඔස්සේ දැරිය ලිංගික කටයුතු සඳහා අලෙවිකළ සැකකරුවන් 17 දෙනෙක් මින් පෙර පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය විසින් මාස තුනකට වැඩි කාලයක් තිස්සේ විටින් විට අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අතර දැරියගේ මව හා ඇයගේ අනියම් ස්වාමිපුරුෂයා සහ චීවරධාරියෙක් ද වෙති. ප්‍රධාන සැකකරු විසින් මෙම දැරිය මාස 03 ක කාලයක් රුපියල් 10,000-30,000 අතර මුදලට අලෙවි කොට ඇති බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත.

බන්ධනාගාරගත වූ මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපති, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා ඇතුළු තිදෙනා අත්අඩංගුවට ගෙන තිබුණේ මෙම දැරිය ලිංගික කටයුත සඳහා මිලදී ගැනීම සම්බන්ධයෙනි.

Exit mobile version