මිනුවන්ගොඩ වෙසක් කලාපය මැයි 5, 6, 7 … වෙසක් කූඩු තරගය සඳහා අයදුම්පත් කැඳවයි…

වෙසක් පුන් පොහෝ දිනය නිමිත්තෙන් මිනුවන්ගොඩ නගරයේ වෙසක් කලාපය මැයි මස 5, 6, 7 තෙදින තුළ මිනුවන්ගොඩ සති පොළ භූමියේ උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු සැලසුම් කර තිබේ.

මෙම වෙසක් කලාපය සංවිධානය කරනු ලබන්නේ “හදවතේ මනුෂ්‍යත්වය” සමාජ සත්කාර පදනම, ආචාර්ය ආශා වෛජයන්ති, මිනුවන්ගොඩ පොලිිසිය හා නගර සභාව ඒකාබද්ධවය.

මෙම වෙසක් කලාපයේ ප්‍රධානම අංගයවන ඉවත ලන ද්‍රව්‍ය භාවිතා කර නිර්මාණය කරන නිර්මාණාත්මක වෙසක් කූඩුව තේරීමේ තරගය සඳහා මේ වනවිට ලියාපදිංචිය අරඹා තිබේ.

මෙම වෙසක් කූඩු තරගයේදී තෝරාගන්න නිර්මාණාත්මක වෙසක් කූඩුව සඳහා පිරිනැමෙන පළමු ත්‍යාගය රුපියල් 50 000කි. දෙවන ත්‍යාගය රුපියල් 30 000කි. තුන්වන ත්‍යාගය රුපියල් 20 000කි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


076 0885275 , 077 2024482, 077 4925277 දුරකථන අංකවලට අමතා තරගකරුවන්ට ලියාපදිංචි විය හැකි බව සංවිධායකවරු පවසති.

Exit mobile version