මිනුවන්ගොඩ – කීර්ති ප්‍රනාන්දු –
මිනුවන්ගොඩ ප්‍රදේශයේ දින දෙකකට පෙර කරනු ලැබූ පී.සී.ආර්. පරීක්ෂණ 150කින් වාර්තා වූ කෙවිඩ් ආසාදිතයන් 20 දෙනෙකුගෙන් ගල්ඔළුව ප්‍රදේශයෙන් හමුවූ ආසාදිතයන් 14 දෙනෙක් සිය ආශ්‍රිතයන් පිළිබඳ කිසිම තොරතුරක් ලබා නොදීම නිසා සෞඛ්‍ය අංශ බරපතල අර්බුදයකට මුහුණ දී ඇතැයි මිනුවන්ගොඩ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක අරුණ රන්දෙණිය ලංකාසරට පැවසීය.
මෙම 14 දෙනාම මුස්ලිම් ජාතිකයන් බවත් ඔවුන්ගෙන් 07 දෙනෙක් සොයා ගන්නේ අහඹු පී.සී.ආර් පරීක්ෂණවලින් බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මේ පුද්ගලයන්ගේ ආශ්‍රිතයන් පිළිබඳ සියළු තොරතුර වසන් කිරීම නිසා මේ වනවිට මෙම ප්‍රදේශය හුදකලා කිරීම සඳහා බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව ප්‍රාදේශීය සෞඛ්‍ය අංශ පැවසුවේය.