මිනුවන්ගොඩ බැන්ඩික්ස් කොවිඩ් පොකුරට අද (21) දවස තුළ එක් වූ ආසාදිතයන් 166ක සංඛ්‍යාවත් සමග සමස්ථ ආසාදියන් ගණන 2500 ඉක්මවා ගියේය. ඒ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපලේ ආසාදිතයන් 49 දෙනාත් සමගිනි. ඊට අමතරව ආසාදිතයන් 60 දෙනෙක් වාර්තා වී තිබිණි.
අද රාත්‍රී 9.55 වනවිට අලුතින් එක් වූ ආසාදිතන් ගණන 57ක් වූයේය.
ඉන් නිරෝධායන කඳවුරුවලින් හමුවන්නේ එක් ආසාදිතයෙක් පමණි. ආසාදිතයන් 56 දෙනෙක් හමුවන්නේ සමාජයෙනි.
මේ වනවිට මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුරෙන් හමුවන සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 2508කි.