මිනුවන්ගොඩ කතට කොරෝනා ආවේ කොහොමදැයි සොයයි

උණ රෝග ලක්ෂණ පෙන්වූ දරුවාත් රෝහලට

මිනුවන්ගොඩ යකහටුවේ බ්‍රැන්ඩික්ස් අපනයන සැකසුම් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ කොවිඩ් 19 ආසාදනය වූ සේවිකාවට එම ආසාදනය සම්ප්‍රේෂණය වූ ආකාරය සොයා මේ වනවිට සෞඛ්‍ය අංශ සහ බුද්ධි අංශ පුළුල් විමර්ශණයක් ආරම්භ කර ඇත.

මෙම කාන්තාව මිනුවන්ගොඩ දිවුලපිටිය පාරේ මොරගස්මුල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර ඇය දින කිහිපයකට පෙර උණ රෝගය වැලඳී ගම්පහ රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබා පැමිණ ඇති බව ද වාර්තා වේ.

එයින් පසුව ඇය දින කිහිපයක් ඇඟලුම් සේවිකාවන් ප්‍රවාහනය කරන බස් රථයේ සේවයට ගොස් ඇති අතර ඇයගේ සැමියාද ත්‍රිරෝද රථ සේවයේ නියැළෙන්නකු බව ට අනාවරණවය කරගෙන ඇත.


ඔවුන් ඇසුරු කළ පුද්ගලයන් සොයා ඔවුන් නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ මේ වනවිට කටයුතු කරමින් පවතින අතර කොවිඩ් පාලන කාර්ය සාදක බලකායේ මෙහෙයවීමෙන් අදාළ බලදාරීන් කැඳවා රැස්වීම් කිහිපයක්ද පැවැත්වීමට මේ වනවිට කටයුතු කර තිබේ.

මේ අතර මෙම කාන්තාවගේ දරුවාටද උණ රෝග ලක්ෂණ පවතින හෙයින් රෝහල වෙත යොමු කර ඇති අතර බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවිකාවන් කිහිප දෙනකු පමණ උණ රෝග ලක්ෂණ ඇති බවට පවසන බවද සෞඛ්‍ය අංශ ලංකාසරට වාර්තා කළේය.

කෙසේ වුවද බ්‍රැන්ඩික්ස් සමාගමේද සහයෙන් මෙම කාන්තාව සමඟ සමීප වුණු සේවක සේවිකාවන් 40 දෙනකු පීසීආර් පරීක්ෂණවලට යොමු කිරිමට කටයුතු කර ඇති අතර මේ වනවිට එම කර්මාන්ත ශාලාවේ ඇය ඇසුරු කළ සේවිකාවන්, ගම්පහ රෝහලේ කාර්ය මණ්ඩලයේ 15 දෙනකු නිරෝධායනය වෙත යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම සේවිකාව ආසාදිතයකු බවට හඳුනා ගැනීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කර ඇති බ්‍රැන්ඩික්ස් සමාගම පවසන්නේ තම සමාගම විසින් කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන දැඩි ප්‍රතිපත්ති සහ වත්පිළිවෙත් මාලාවට අනුව මෙම රෝගියා හඳුනා ගැනීමට ඔවුන්ට හැකියාවක් ලැබුණු බවයි.

Exit mobile version