මිනී කාක්කන් කොවිඩ් දේහවලින් ගසා කන හැටි විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා හෙළි කරයි…

කිරිබත්ගොඩ ඉඳන් රාගම රෝහලට කොවිඩ් දේහයක් රැගෙන යන්න රුපියල් 50000ක් ඉල්ලලා...       

අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාල වටා සිටින මිනී කාක්කන් කොවිඩ් මෘත දේහ ව්‍යාපාරයක් කර ගනිමින් මියගිය අයගේ ඥාතීන් සූරාකෑමට පටන් ගෙන ඇතැයි බෝවන රෝග විද්‍යායතනයේ (අයිඩීඑච් රෝහල) අධිකරණ වෛද්‍ය විශේෂඥ චන්න පෙරේරා   සඳහන් කරයි.

අයිඩීඑච්, මුල්ලේරියා හා හෝමාගම රෝහල්වල මෙවැනි තත්ත්වක් දක්නට නොමැති නමුත් කොළඹ, කාරාපිටිය, රාගම, කළුබෝවිල ඇතුළු අනෙකුත් රෝහල් තුළ මෙම සූරාකෑම සිදුවන බව ඔහු පෙන්වාදේ.

කොවිඩ් පළමු සහ දෙවනරැල්ල තුළදී කොවිඩ් රෝගීන්ට අයිඩීඑච්, මුල්ලේරියාව සහ හෝමාගම රෝහල් වෙන්වුවද අනෙකුත් රෝහල් කොවිඩ් රෝගීන් සඳහා වෙන් වූයේ තුන්වන කොවිඩ් රැල්ල තුළදී බැවින් ඔවුන්ට මෘතදේහ ආදාහනය කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය පරිසරය ගොඩනගා ගැනීමට නොහැකි වීම තුළ මීනී කාක්කන් හරිහම්බ කර ගැනීමට පටන් ගෙන අතැයිද අධිකරණ වෛද්‍යවරයා සඳහන් කරයි.


කොවිඩ් රෝගියෙක් මිය ගිය පසුව ඔහුගේ මෘත දේහය ඥාතීන්ට භාර නොදී ආදාහනාගාරය වෙත ගෙන යෑම සඳහා අයිඩීඑච් සහ මුල්ලේරියාරෝහලේ අබලන්ව තිබූ ගිලන්රථ දෙකක රෝහල් අධ්‍යක්ෂවරුන් සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සමග සාකච්ඡා කර අලුත්වැඩියා කර ගත් බැවින් මෘත දේහ ආදාහනාගාරය වෙත ගෙන යාමට පිටතින් ප්‍රවාහනය සපයා ගැනීමට අවශ්‍යතාවක් පැනනොනගින බවද ඔහු පෙන්වාදේ.

කෙසේ නමුත් අනෙකුත් රෝහල් තුළ මෙවැනි ක්‍රමවේදයක් නොමැති බැවින් හා රෝගීන් ප්‍රවාහනය කරන ගිලන්රථ මෘතදේහ ප්‍රවාහනයට යොදා ගත නොහැකි බවත් ඔහු පෙන්වාදේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ නමුත් ප්‍රවාහන  ගැටලුව හේතුවෙන් මේ වන විට කොවිඩ් මෘත දේහ ආදාහනාගාරයන් වෙත ගෙන යෑමට මල්ශාලාහිමියන් සහ මීනි කාක්කන් එකතු වී ගෙන යන ව්‍යාපාරය තුළ අසරණ මිනිසුන් ඉතා අවාසනාවන්ත ලෙස සූරාකෑමට ලක්කරන බවත් පෙන්වා දෙන විශේෂඥවරයා කිරිබත්ගොඩ රෝහලේ සිට රාගම රෝහල වෙත කොවිඩ් මෘතදේහයක් රැගෙන යාමට රුපියල් 50000ක මුදලක් ඉල්ලු පුවතක්ද  පසුගියදා වාර්තා වුණි යැයි ද මේවා සහගහන අපාරධයන් යැයිද වෛද්‍ය චන්න පෙරේරා මහතා පවසා සිටියි.

Exit mobile version