මිනිස්සු ඉගැන්වූ මතක හිටින පාඩම… මැති ඇමතිවරු පිරිසක් ගෙවල් නිල නිවාස තාවකාලිකව අත් හරිති!

ජනතා විරෝධය හේතුවෙන් ආණ්ඩුවේ මැති ඇමතිවරු මෙන්ම විපක්ෂයේ මන්ත්‍රී පිරිසක් තම පදිංචි ස්ථාන අත්හැර තාවකාලික  පදිංචියට ගොස් තිබේ.

පසුගිය දින කීපය තුළ පාර්ලිමේන්තුව හා මැති ඇමතිවරුන්ගේ නිවාස වටලමින් ජනතාව දැක්වූ විරෝධතාවය නිසා ඔවුන් මෙලෙස ස්වකීය ගෙවල් දොරවල් තාවකාලිකව අත් හැර ඇත.

මේ වනවිටත් මධ්‍යම, උතුරුමැද, සබරගමුව, ඌව සහ දකුණු පළාත්   පළාත්වල  ඇමතිවරුන් තමන්ගේ පුද්ගලික නිවාස හා නිල නිවාස තාවකාලිකව අත්හැර ඇතැයි වාර්තා වේ. ඔවුන්ගෙන් අයෙක් කොළඹට තදාසන්න ප්‍රදේශවල පිහිටි හෝටල් කීපයක  ඔවුන්ගේ දරු පවුල් පිටින් නවාතැන්ගෙන ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළිදරවු කරයි.

ආණ්ඩුවේ  මැති ඇමතිවරු  මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරු මීට ඉහත දී මහ මග ගමන් කරනවිට  පාවිච්චි කළ ආරක්ෂක  සහ පෙරගමන් රථ මේ වනවිට සම්පූර්ණයෙන්ම නතර වී  තිබේ.


මෙම පුද්ගලයින් පාර්ලිමේන්තු නියෝජිතයින් ලෙස  නොපෙනන ආකාරයට තනි වාහනයක් භාවිතා කරන බව එම ආරංචි මාර්ග කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මැති ඇමතිවරු මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන්  මෙතෙක් සිදුකරමින් සිටි මහජන හමු සහ දෛනික රැස්වීම්  මෙන්ම විවෘත කිරීම් සහ අනෙක් උත්සව සියල්ල ද දැන්  නවත්වා දමා ඇත.

Exit mobile version