මින් මතු නිරෝධායන මධ්‍යස්ථාන නෑ… සියල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන …

දැන් දිනපතා වාර්තාවන රෝගීන් සෞඛ්‍ය පද්ධතියට දරාගන්න බෑ…රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ සුදත් සමරවීර කියයි

කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව දිගින් දිගටම වැඩි වර්ධනය වීම හේතුවෙන් නිරෝධායන මධ්‍යස්ථානයන්ද අතිරේත  ප්‍රතිකාර මධ්‍යස්ථානයන් ලෙස පවත්වාගෙන යාමට පියවර ගෙන ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර  සඳහන් කරයි

මීට අමතරව ප්‍රතිකාර මධ්‍යස්ථානයන් ලෙස පවත්වාගෙන යාම සදහා නව ස්ථානයන් සොයා ගැනීම මේ වන විටත් ආරම්භ කර ඇතැයිද ඔහු පැවසීය.

මේ වන විට දිනකට ආසාදිතයින් 2000ට ආසන්න සංඛ්‍යාවක් හමුවන අතර මෙම සංඛ්‍යාව සෞඛ්‍ය ක්ෂේත්‍රයට දරා ගැනීමෙට අපහසු බැවින්  ඔවුන් සඳහා රෝහල් තුළ ප්‍රමාණවත් ඉඩකඩ නොමැති වීම හේතුවෙන් දිවයි‌නේ සෑම ප්‍රදේශයකම රෝගී සත්කාර සේවාවන් සැපයීම කටයුතු කරමින් පවතින බවද ඔහු සදහන් කරයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ඉදිරියේදී දරාගැනීමට නොහැකි තත්ත්වයක් උදාවෙමින් පවතින බැවින් හැකි පමණ සංචරණය සීමා කරන්නැයි වසංගත රෝග විද්‍ය අංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Exit mobile version