මැර පිරිසක් සේරුවිල මහ පන්සලේ බලය අල්ලලා… කොටපොල අමරකිත්ති හිමිගෙන් පැමිණිල්ලක්…

කීර්ති ප්‍රනාන්දු –

තමන් වහන්සේ විහාරාධිපතිත්වය  දරන  සේරුවාවිල පන්සලට බලහත්කාරයෙන් කඩා වැදුණු පිරිසක් එහි බලය අත්පත් කර ගත් බව පූජ්‍ය කොටපොළ අමරකිත්ති හිමියෝ  මාධ්‍ය වෙත පැවසූහ.

උන්වහන්සේ ප්‍රකාශ කර තිබුනේ හතලිහක් පමණ පිරිසක් විහාරස්ථානයට බලහත්කාරයෙන් කඩා වැදී  පාලන බලය අත් කරගෙන විහාරාධිපති වූ තමන් වහන්සේට එම ස්ථානයට ඇතුලු වීම වළක්වා ඇති බවය.

මෙම විහාරස්ථානය පිළිබඳ මූලිකම ගැටලුව මතු වන්නේ එහි විහාරාධිපතිව වැඩ විසූ සේරුවාවිල සරණකිත්ති හිමියන් 2016 මැයි  මස 02 දා අපවත් වීමත් සමගිනි. විහාරයේ අධිපතිත්වය පිළිබඳ ගැටලුව පැන නැගුණේ උන්වහන්සේගේ දෙණ අභියසය.


පසුව එම විහාරස්ථානයේ විහාරාධිපති ධුරයට   මුංහේනේ මෙත්තාරාම හිමියන් පත් කෙරිනි. උන්වහන්සේ කොවිඩ් ආසාදිතව ඉන්දියාවේ දී අපවත් වීමෙන් පසු අමරපුර සංඝ සභාව හා එහි මහා නායක හිමියන් විසින් තමන් වහන්සේ සේරුවාවිල විහාරාධිපති ධුරයට පත්කළ බවද එම පත් කිරීම බුද්ධ ශාසන අමාත්‍යාංශයේ විසින් අනුමත කර ලේඛන ගත කර ඇති බවද  කොටපොළ අමරකිත්ති හිමියෝ කීහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම සිදුවූ පිළිබඳව පොලිස්පතිවරයාට ලිඛිත පැමිණිල්ලක් කර ඇති බවද අමරකිත්ති හිමියෝ පවසති.

Exit mobile version