මැර කණ්ඩායමක් වව්නියාව රෝහල් ආරක්ෂක නිලධාරීන්ට  පහර දීලා… එක් ආරක්ෂක නිලධාරියෙකුට බරපතල තුවාල…

දිනසේන රතුගමගේ –

වවුනියාව දිස්ත්‍රික් රෝහලේ ආරක්ෂක නිලධාරීන්ට  ඊයේ (16) රාත්‍රියේ තරුණ මැරයින්  පිරිසක් විසින්  පහර දීම නිසා එක් ආරක්ෂක නිලධාරියෙකු බරපතල තුවාල   ලැබ එම  රෝහලටම ඇතුළත් කොට තිබේ.

තරුණයින් පිරිසක් රාත්‍රී කාලයේ රෝගියෙකු බැලීමට පැමිණි අවස්ථාවේදී ආරක්ෂක  නිලධාරීන් ඊට අවසර ලබා නොදී   එම රෝගියා සිටින ස්ථානයට යාමට අවස්ථාව සලසා නොදීමෙන්  කෝපයට පත් මෙම මැර කණ්ඩායම ආරක්ෂක නිලධාරීන්ට පහර දී ඇත

ආරක්ෂක නිලධාරීන් එම ස්ථානයෙන් නික්ම රෝහල් පොලීසිය දෙසට යමින් සිටි අවස්ථාවේදී එක් ආරක්ෂක නිලධාරියෙකු බිම ඇද වැටී ඇති අතර මැර පිරිස ඔහුට තද බල ලෙස පහර දී පලා ගොස් තිබේ

සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලීසියට පැමිණිල්ලක් ලැබීමෙන් පසුව පහරදුන් පිරිස අත් අඩංගුවට ගැනීම සදහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කොට ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වවුනියාව මහ රෝහලේ සේවය කරණ ආරක්ෂක නිලධාරීන්ට මෑත කාලයේදී තරුණයින්ගෙන් ප්‍රහාර එල්ල වූ හතර වන අවස්ථාව මෙය වෙයි.

 

Exit mobile version