මැයි දිනයෙන් පසු බැසිල් – මහින්ද පොහොට්ටු නායකත්ව පොරය කරලියට ඇවිත්…

මැයි දින රැලියේදී බැසිල් රාජපක්ෂට කැපී පෙනෙන පිළිගැනීමක් ලබාදීමත් වේදිකාවේ තිබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන බැනරයේ මහින්ද රාජපක්ෂ සමග බැසිල් රාජපක්ෂගේ   ඡායාරූපය ප්‍රදර්ශනය කිරීමත් සමඟ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) කඳවුර තුළ ගැටුමක් හටගෙන ඇතැයි ඩේලි මිරර් වාර්තා කරයි.

බැසිල් රාජපක්ෂ කඳවුර සහ මහින්ද රාජපක්ෂ හිතවාදීන් අතර ඇති වි ඇති මෙම ගැටුමේ දී මහින්දට හිතවත් ශ්‍රී ලංකා  පොදුජන පෙරමුණේ ප්‍රබලයින් පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම්ගෙන් දැඩි ලෙස ප්‍රශ්න කර ඇත්තේ මහින්ද රාජපක්ෂයගේ මට්ටමට බැසිල්ව ඔසවා තැබීමට උත්සාහ කරන්නේ කුමණ පදනමනකින් ද යන්නය.

ඔවුන් මේ සම්බන්ධව සාගර කාරියවසම් දැඩි ලෙස විවේචනය කර ඇත්තේ පක්ෂයේ ප්‍රතිරූපය ඉන් විනාශ වන බවට චෝදනා නගමින් බව ඩේලිමිරර් කියයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගණනාවක් මේ සම්බන්ධව දැඩි විරෝධයක් මතු කර   එම පියවර පිළිබඳව කලකිරීම ද මහලේකම්වරයා වෙත ප්‍රකාශ කර ඇත.


මීට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බැනරයේ මහින්ද රාජපක්ෂ සමඟ එක්ව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ රුව ප්‍රචාරය කළ නමුත් පසුගිය වසරේ ඔහු ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ ගෝඨාභයගේ රුව ඉවත් කරන ලදී. ගෝඨාභය රාජපක්ෂ මෙවර මැයිදින රැළියට ද සහභාගී වූයේ නැත.

පසුගිය සති කිහිපය තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු විසින් බැසිල් රාජපක්ෂ මීළඟ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස පත් කිරිමේ වැඩපිළිවෙලක් දියත් කර තිබුණු බව හෙළි වී ඇත.

ඒ ද්විත්ව පුරවැසියන්ට  ඉදිරි මැතිවරණවලට තරඟ කිරීම වළක්වාලන ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ වගන්තිය සංශෝධනය කිරීමෙන් පසු ඔහුට නැවත දේශපාලනයට පිවිසිය හැකි යැයි අපේක්ෂාවෙන් බවද වාර්තා වේ.

කෙසේ වෙතත්, එවැනි පියවරකට එරෙහිවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහින්ද හිතවාදී  ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් පිරිසක් චෝදනා කර ඇත්තේ  බැසිල් හිතවාදීන් බැසිල් රාජපක්ෂව පක්ෂ නායකයා ලෙස උසස් කිරීමත් සමඟ සිදුවනු ඇත්තේ  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අප්‍රසාදයට ලක්වීම පමණක් බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බැසිල්ගේ මැදිහත්වීම හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් මන්ත්‍රීවරුන් පක්ෂය හැර ගොස් ඇති බවත්, නායකත්වයේ වෙනසක් සිදුවුවහොත් එය පක්ෂය දෙකඩ වීමට හේතු වනු ඇති බවටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හවුල් පාක්ෂිකයින් පක්ෂ නායකත්වයට දන්වා ඇත.

Exit mobile version