මැනිං වෙළඳපල ඝාතනය සම්බන්ධව මැනිං වෙළඳපලේ ප්‍රධාන ආරක්ෂක කළමනාකරු අත්අඩංගුවට…

ඊයේ  (21) පෑලියගොඩ, මැනිං වෙළඳපොලේ දී වෙඩි තබා ඝාතනය කළ අඹ ශානක නැමත්තාගේ ඝාතකයන් එම ඝාතනය කිරීමට  පෙර මැනිං වෙළෙඳපල ප්‍රධාන ආරක්ෂක කළමනාකරුගේ නිවසේ පැයක පමණ කාලයක් ගත කර ඇතැයි පොලිස් විමර්ශන ආරංචි මාර්ග හෙළි කරයි.

මෙම කළමනාකරු හමුදාවේ විශ්‍රාම ගිය නිලධාරියෙකි.  ඔහු සහ මෙම ඝාතකයන් ඝාතනයට පෙර හමුවීම සම්බන්ධව විමර්ශන අංශවල දැඩි අවධානයට ලක් වී තිබේ.

මේ තොරතුරු ඔස්සේ පරීක්ෂණ අරඹා ඇති කණ්ඩායම  මේ වනවිට ආරක්ෂක කළමනාකරුව හා ඝාතකයන් පැමිණි රථය වාහන කුලී පදනමින් ලබා දෙන ආයතනයෙන් වෙන් කරගත් පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වාහනය වෙන් කරගත් තැනැත්තා  නිරන්තරයෙන් මැනිං වෙළඳපලට යන එන අයෙක් බව   අනාවරණය වී ඇත. වාහනය පදවාගෙන එන්නට ඇත්තේ ඔහු බව විමර්ශකයන් සැක කරයි.


වාහන පදවාගෙන යන හැකි සේ සකස් කර තිබෙන මැනිං වෙළෙඳපලේ දෙවැනි මහලට කෙලින්ම රිය පදවාගෙන ගිය ඝාතකයින්  එම ඝාතනය සිදුකර රථයෙන්ම පලාය ගොස් ඇති බවත්  ප්‍රධාන දොරටුව වසා දැමුවේ නම් ඝාතකයින් එතැනම කොටු කරගත හැකිව තිබූ බවත් පොලිසියට පෙනී ගොස් ඇත.

මේ ඝාතනය  පසුපස කෙසෙල්වත්ත පාතාලයේ බලය තහවුරු කරගැනීම සඳහා විටින් විට සිදුවන මරා ගැනීමේ තවත් දිගුවක් බව පොලිසිය සැක කරයි.

මෙම ඝාතනය මෙහෙයවන්නේ   දැනට ඉන්දියාවේ බන්ධනාගාරගතව සිටින ධනුක නැමැති පාතාලයා බවට ද   තොරතුරු අනාවරණය වී තිබේ.

මෙසේ ඝාතනයට ලක් වූ  අඹ ශානක නැමැත්තා මින් පෙර අවස්ථා ගණනාවක දී ප්‍රතිවරුද්ධ පාතාලයන් විසින්  ඝාතනය කරන්නට උත්සාහ කර ඇති බවත් එම ඝාතන උත්සාහයන් වලදී ඔහුගේ ජීවිතය බේරුණත් ඔහු සමග සිටි අය මිය ගොස් ඇති බවත්  පොලිසිය පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මියගිය පුද්ගලයා කොටහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මැනිං වෙළඳපොලේ පළතුරු කඩ කිහිපයක් හිමි    ව්‍යාපාරිකයෙකි.

Exit mobile version