මැතිවරණ කොමිසමට යන්නට සිටි මුදල් ලේකම් හදිසියේ ආරක්ෂක මණ්ඩලයට ගෙන්වලා !

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මුදල් අමාත්‍යංශයේ ලේකම්ට අද (07) මැතිවරණ කොමිෂන් සභාවට පැමිණෙන්න යැයි දැනුම් දී තිබියදී ජාතික ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමක් ඇති බව පවසමින් කොමිෂන් සභා සාකච්ඡාව මඟහැරි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරයි.
අද (07) පාර්ලිමේන්තුව අමතමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසීය. ජනාධිපතිවරයා සේම රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාත් පාර්ලිමේන්තුවේ සිටියදී මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට පමණක් රැස්වීමක් පැවැත්වුණේ කෙසේදැයි ප්‍රේමදාස මහතා විමසීය.
“මට හිතෙන්නේ ඒක හීන ලෝකේ තිබ්බ රැස්වීමක්. නැත්නම් ලේකම්වරයාට විතරක් රැස්වීමක් කොහෙන්ද? මැතිවරණය කල් දාන්න කරන්න පුළුවන් හැම කූඨ උපක්‍රමයම කරනවා.. රැස්වීම් මඟ අරින එකත් ඒ එක උපක්‍රමයක්..”
ඔහු සඳහන් කළේය.
මේ අතර විපක්ෂ නායකවරයා පළාත් පාලන මැතිවරණයට අදාළව ජනාධිපතිවරයාගෙන් හෝ අග්‍රමාත්‍යවරයාගෙන් ප්‍රශ්න රැසක් විමසූ අතර මැතිවරණය පැවැත්වීම මූල්‍යමය ප්‍රතිපාදන නොමැති වීම සම්බන්ධයෙන් ද ප්‍රශ්න කළේය.
මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා සාකච්ඡාවලට නොයවා මැතිවරණය කල් දැමීම දඬුවම් ලැබිය හැකි වරදක් බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104, උ, ඌ වගන්තියෙහි සර්ව බල ඡන්ද බලය පාගා දමන්නට කටයුතු කරන සියලු දෙනාටම අත්පත් වෙන ඉරණම සඳහන්ව ඇති බවත් පැවසීය.
කථානායකවරයාට මූල්‍ය බලය හරියට ක්‍රියාත්මක කරන්නට බලයක් ඇති අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17 වැනි පරිච්ඡේදයේ ඒ බව සඳහන්ව ඇති බවත් වැඩිදුරටත් පැවසීය.

Exit mobile version