මැතිවරණයට මුදල් නිදහස් නොකළ මුදල් ඇමතිට එරෙහිව පැෆ්රල් සංවිධානය අධිකරණයට !

Ranil

අධිකරණ නියෝගත් කඩ කර  අයවැයෙන් වෙන් කර ඇති මුදල්  පළාත් පාලන මැතිවරණයට නිදහස් නොකිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයාට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කරන බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ, රෝහණ හෙට්ටිආරච්චි පවසයි.

ඉදිරි දින කිහිපය තුළ සිය නීතිඥවරුන් මාර්ගයෙන් මේ පිළිබඳව  අධිකරණයට කරුණු වාර්තා කරන්නේ යැයි විධායක අධ්‍යක්ෂවරයා කියයි.

මේ අතර ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ, මංජුල ගජනායක කීවේ පළාත් පාලන මැතිවරණය නොපවැත්වීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරය දැනුවත් කළ බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පවතින තත්ත්වය තුළ මැතිවරණය පැවැත්වීම සම්බන්ධව බොහෝ දේශපාලන පක්ෂවල ඇති උනන්දුවත් අඩුවී ඇති බව නිරීක්ෂණය වන්නේ යැයි මංජුල ගජනාකයක කියයි.


Exit mobile version