මැණිකේ.. අමෙරිකාවටත් යයි

නවක ගායිකා යොහානිගේ ගායනයෙන් පසු අතිශය ජනප්‍රිය වූ සතීෂන්ගේ ගීතය වන ‘මැණිකේ මගේ හිතේ..’ ගීතය එක්සත් ජනපදයේ ද ගීත ලෝලීන් ද දැන් දැන් වැළඳ ගැනීමට පටන් ගෙන තිබේ . අමෙරිකාවේ ජනප්‍රිය ළමා වයලීන් වාදකවරියක වන කැරොලිනා ප්‍රොට්සෙන්කෝ විසින්, එම ගීතය තම වයිලිනයෙන් වීදියේ වාදනය කරන අපූරු වීඩියෝවක් ඇය සමාජ ජාලයට මුදාහැර ඇත.

යුක්‍රේනයේ සංගීත පවුලක උපත ලැබූ කැරොලිනා සහ ඇගේ පවුල 2015 දී එනම් ඇයට වයස අවුරුදු 6 දී ඇමරිකාවට එයි.

වයලීනයක් වාදනය කරමින් කැලිෆෝනියාවේ සැන්ටා මොනිකා හි වීදි වල සැරිසරන ඇය කෙටි කලක දී ලොව පුරා ජනප්‍රියත්වයට පත් වූයේ සමාජ මාධ්‍ය තුළ විශාල ජනප්‍රියත්වයක් ලබා ගැනීමත් සමගයි.


ඉතා කෙටි කාලයකදී ඕනෑම ගීතයක් වාදනය කිරීමට ඇයට ඇත්තේ අපූරු හැකියාවකි.

13 ඇයගේ අලුත්ම වීඩියෝව වෙනකක් නොව මේ වන විට ලොව පුරා මිලියන ගානක් වැළඳගත් සිංහල ගීතයක් වන “මැණිකේ මගේ හිතේ” ගීතයයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගෙවුණු මාස තුන තුළ යූටියුබ් සමාජ ජාලයේ ලොව වැඩිම නැරඹුම් වාර ගණනක් ලබා ඇති මුල්ම ගීත අතරට මෙම ගීතය පැමිණ ඇත්තේ 5 වැනි ස්ථානයටයි.

Exit mobile version