ගිවිසුම්ගත වන්න…. බැරිනම් යන්න… මැච් පැරදිලා කේවල් කරන්න එන ක්‍රීඩකයන්ට තරු විසිවෙන පාඩමක්….

ඇමතිගේත් අනුමැතිය යටතේ 39ක සංචිතයක් ජෛව බුබුලක් තුළ සූදානමින්

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හිටපු ටෙස්ට් ක්‍රිකට් නායකයෙක් මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ දැනට ක්‍රීඩා කරන ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයාවන ඇන්ජලෝ මැතිව්ස් ගේ මෙහෙයවීමෙන් ඔහුගේ පන්ති සගයෙක් වූ නිෂාන් සිඩ්නි ප්‍රේමතිරත්න නම් නීතිඥවරයාගේ උපදෙස් පිට ක්‍රීඩක වාර්ෂික ගිවිසුම් අත්සන් නොකොට කේවල් කිරීමට සූදානම්වන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට වැඩ වරදින ලකුණු පහළ වී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග හෙළි කරයි.

මෙම නීතිඥවරයා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වෙනුවෙන් පෙනී ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්නත් මැදිහත් වී තිබේ.

මේ අතර පිට තරග පරදිද්දී විලි ලජ්ජාව පසෙක තබා ගිවිසුම්ගතවීම අත්හැර කේවල් කිරීමට සැරසී සිටින ක්‍රීඩකයන් සිටීනම් ඔවුන් වෙනුවට දැනට වාර්ෂික ගිවිසුම අත්සන් කර සිටින ශ්‍රී ලංකා ” ඒ ” , නැගී එන තරුණ ක්‍රීඩකයන් හා අත්දැකීම් සහිත පරිණත ක්‍රීඩකයන් සංකලනයකින් ක්‍රීඩකයන් 39 දෙනෙක් එළඹෙන ඉන්දීය පිලේ ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් මේ වනවිට ජෛව බුබුලකට යටත්ව සූදානමින් තැබීමට ක්‍රිකට් බලධාරීන් කටයුතු යොදා ඇත.

යම් හෙයකින් ආපසු ශ්‍රී ලංකාවට පැමිණි පසු දැනට කණ්ඩායම තුළ සිටින ක්‍රීඩකයන් ගිවිසුම් අත්සන් නොකළහොත් ඔවුන් ඉවත් කර ඒ වෙනුවට ගිවිසුම්ගතව සිටින ක්‍රීඩක සංචිතයෙන් ක්‍රීඩකයන් 11 දෙනෙකු තෝරා ඉන්දීය සංචාරයට එළඹීමට ක්‍රිකට් බලධාරීන් හා තේරීම් කමිටුව තීරණය කර ඇත.

මේ සඳහා ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂගේත් අනුමැතිය ලැබී ඇතැයි වාර්තා වේ.
ජෛව බුබුල යටතේ පුහුණුවට නම් කර ඇති ක්‍රීඩකයන් 39 දෙනාගේ සංචිතය මෙසේය.

Exit mobile version