මාළු මරන්න එපා කී හිමිනමව වැලිගම මැරයෝ පහර දී ඝාතනය කරලා…

 -ලංකාදීප –

ඇළේ සිටින මාලුන් ඇල්ලීම නොකරන ලෙසට කළ අවවාදයෙන් උරණ වී  85 හැවිරිදි හිමි නමකට පොලු වලින් පහර දී ඝාතනය කළ තරුණයින් 05 දෙනෙක් අත්අඩංගුවට ගත් බව  වැලිගම මූලස්ථාන පොලීසිය වාර්තා කරයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ වැලිගම ගොවියාපාන කපුවත්ත ශ්‍රී විවේකාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී තිත්තගල්ලේ දේවානන්ද හිමියෝය. උන්වහන්සේ පුරුද්දක් ලෙස විහාරස්ථානය පහළින් ගලා යන ඇල පාරේ මාළුන්ට කෑම දමන බවත් එදින මාළුන්ට බත් දීම සඳහා වැඩම කළ විට එතන තරුණයින් පිරිසක් මාළු අල්ලමින් සිට ඇති බවත් වාර්තා වේ.

එසේ නොකරන ලෙස තරුණයන්ට අවවාද කළ හිමිනම කෙරෙහි කිපුණු එම තරුණයන් හිමිනම වටකොට පහර දී ඇත. මේ සිදුවීම වාර්තා වී ඇත්තේ පසුගිය 29 වැනිදාය. පහරකෑමට ලක් වූ හිමියන් අසාධ්‍යව රෝහල්ගත කර ඇති බවත්, දින 16ක් තිස්සේ මාතර රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි උන්වහන්සේ අද අපවත් වූ බවත් වැලිගම මූලස්ථාන පොලිස් ආරංචි මාර්ග කියයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිද්ධිය පිළිබඳ වැඩිදුරටත් පරීක්ෂණ පැවත්වේ.

 

Exit mobile version