මාව මරන්න හැදුවා… මීඩියා නැතිනම් අද සොරි ඩොට්කොම්… ඇප ලද අසේල සම්පත් කියයි….

ASELA-SAMPATH

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජීවිතයේ පළමු අවස්ථාවට මරණයේ අත්දැකීම ලැබුණු බවත්, සමාජ මාධ්‍ය ජාලා, මාධ්‍යය, නීතිඥවරුන් හා පවුලේ උදවිය නොහිටින්නට අද තමන්ට සොරි ඩොට් කොම් බවත් සමස්ත ලංකා ආපනශාලා හිමි කරුවන්ගේ සංගමයේ ජාතික සංවිධායක, මහජන අයිතීන් සුරැකීමේ ව්‍යාපාරයේ කැඳවුම්කරු අසේල සම්පත් අද (26) මාධ්‍යයට පැවසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (25) රාත්‍රියේ පිළියන්දල පැලැන්වත්ත ප්‍රදේශයේ ඔහුගේ නිවසට පැමිණ හදිසියේ කළ අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත නිදහස්ව පැමිණි අසේල සම්පත් අද (26) මාධ්‍යයට අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළේය.

ඔහු වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

“ජීවිතයේ පළමු වතාවට මාව මරණයෙ අත්දැකීම් ලැබුවා. වගකීම් සහිතව මේ කියන්නෙ. මේ රටේ අනෙක් මිනිස්සු වගේ මම වැරදි කරපු මිනිහෙක් නෙමෙයි. මම ගෙදරින් පැනල යන්නෙ නෑ. ඊයෙ රෑ යුනිෆෝම් නැතිව දහදෙනෙකුට වැඩි පිරිසක් ඇවිත් මගෙ කට වහලා මාව බලහත් කාරයෙන් ඇදගෙන ගියා. මා තුවාල වුණා.

උඩුකයට ඇඳුමක් නැතිව ඇඳන් හිටිය සරම පිටින් මාව අරගෙන ආවෙ.

මේකයි ඇත්ත කතාව. මෙහෙදි මාව මරන්න හැදුවා. මගෙ බිරිය දරුවො මේ නීතිඥ මහත්වරු සමාජ ජාල නිසා තමයි මගෙ ජීවිතය රැකුනෙ. නැතිනම් මම අද සොරි ඩොට්කොම්. “ ඔහු පැවසුවේය.

Exit mobile version