-
ගාල්ල මහ නගර සභාවේ බලය පිහිටුවීමට මාලිමාවට ආධාර කලැයි චෝදනා මත පක්ෂ තහනම අත්හිටවු පොහොට්ටුවේ හිටපු නගරාධිපති කියයි!
මාලිමාව සමග කිසිම සම්බන්ධයක් තිබුණේ නැති බවත්, පොදු විපක්ෂයේම පිරිසක් පොදු විපක්ෂයේ කටයුතු අඩාල කිරීම සඳහා මාලිමාවට ඡන්දය දී එය තමන් මතින් යැවීමට කටයුතු කරන බවත් ගාල්ල මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා මාලිමාවට ආධාර කළැයි චෝදනා කර පක්ෂ සාමාජිකත්වය අහෝසි කළ පොදුජන පෙරමුණේ හිටපු නගරාධිපති මෙන්ම වත්මන් ගාල්ල නාගරික අද (20) මාධ්‍ය හමුවේ කීවේය.
මේ ප්‍රශ්නයට තමන්ගේ කිසිම දායකත්වයක් නැති බව කියමින් ප්‍රියන්ත සහබන්දු මාධ්‍යයට කීවේ මෙවැනි කතාවකි.
පොදු විපක්ෂය හැටියට තමයි අපේ පක්ෂය අපට වැඩ කරන්න කියලා තිබුණෙ. රහස් ඡන්දයකට ගිය අවස්ථාවේ දී අප ඉල්ලුවෙ විවෘත ඡන්දයක්. නමුත් ඇතිවුන බහින්බස් වීමක් වුනා. යම් පිරිසක් සමස්ථ වැඩපිළිවෙළ කඩාපක්පල් කරන්න රහස් ඡන්දයේ දී ඡන්දය දීලා අප පිට පටවන්න උත්සාහ ගත්තා කරපු නැති වරදකට. ඒ කරලා ඔවුන් සභාවෙන් නැගිටලා ගියා.
ඒ වෙලාවෙදි තමයි අපි කිව්වේ මේ විදිටනම් කටයුතු කරන්නේ අපට පොදු විපක්ෂය ලෙස කටයුතු කරන්න පුලුවන්කමක් නෑ කියලා. ඒ නිසා අපි සභාවෙ රැඳී ඉන්න තීරණය කළා.
නගරාධිපති ධූරය සඳහා රහස් ඡන්දය පැවැත්තුවා. ඒකේදි ජාතික ජන බලවේගය ඉදිරිපත් කළ අපේක්ෂකතුමා පත් වුනා.
නියෝජ්‍ය නගරාධිපති ධූරය තෝරන අවස්ථාවෙත් අනෙක් විපක්ෂ කණ්ඩායම සභාව ඇතුළට ආවේ නෑ. කවුරුවත් ඉදිරිපත් නොවන අවස්ථාවේ දි මගේ සහෝදර මන්ත්‍රී තුමා මගේ නම යෝජනා කළා. මෙතන ජාතික ජන බලවේගයත් එක්ක කිසිම සම්බන්ධයක් කතාවක් අපේ තිබුණෙ නෑ.
අපටත් ඉල්ලීම් තිබුණා. නමුත් පොදු විපක්ෂය හැටියට අපගේ ඉල්ලීම්වලට අවස්ථාවක් තිබුණෙත් නෑ එතනදි. මේක මට හිතෙනවා ඇතුළෙම හිටපු පොදු විපක්ෂයේම කීප දෙනෙක් විසින් මේක කඩාකප්පල් කරන්න ගත්තු ක්‍රියාමාර්ගයේ ප්‍රතිඵලයක් තමයි මේ උනේ අද කියලා…
පොදු ජන පෙරමුණේ ගාල්ල නාගරික මන්ත්‍රී සහ නියෝජ්‍ය නගරාධිපති ප්‍රියන්ත සහබන්දු අවධාරණය කළේය.







