මාර්ග දෙපසට පැල දසලක්ෂයක්

ඇමති ජොන්ස්ටන්ගෙන් නිළධාරින්ට උපදෙස්

රටපුරා මාර්ග දෙපස පැල දසලක්ෂයක් සිටවීමේ හරිත ව්‍යාපෘතිය කඩිනම් කරන ලෙස මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මාර්ග සංවර්ධන අධිකාරියේ නිළධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී.

“රට හදන සෞභාග්‍යයේ දැක්ම” නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව තිරසාර පරිසර කලමාණාකරනය ක්‍රියාත්මක කිරිමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක ය.

ඔහු මේ උපදෙස් ලබා දුන්නේ අමාත්‍ය ශ්‍රවණාගාරයේදී දැනට ක්‍රියාත්මක කිලෝමීටර් ලක්ෂයේ මාර්ග සංවර්ධන ප්‍රගති සමාලෝචන රැස්වීමේදීය.


ඒ ඒ පලාත්වලට ආවේණික මාර්ග දෙපස සිටුවීම සදහා වඩාත්ම ගැලපෙන ශාක ප්‍රභේදයන් හදුනාගැනීම සිදු කරන ලෙසද ඒ සදහා විශේෂඥ සහය ලබාගන්නා ලෙසද මෙහිදී අමාත්‍යවරයා උපදෙස් ලබාදෙන ලදී.

මෙහිදී මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පැවසූවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය සමග සාකච්ඡා කර කඩිනමින් මාර්ග දෙපස සිටුවිය යුතු හා ඒ ඒ පලාත් වලට ගැලපෙන ශාක ප්‍රභේදයන් හදුනාගැනීමට කටයුතු කරන බවයි.

ඇහැළ, කුඹුක්, කොහොඹ යන ශාක ප්‍රභේද කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති බවද නිලධාරින් අමාත්‍ය වරයා වෙත පවසන ලදී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම හරිත ව්‍යාපෘතීයේ ආරම්භය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරන ලදී. විශේෂයෙන්ම මාර්ග සංවර්ධන කිරීමේදී පරිසරයටද ප්‍රමුඛස්ථානයක් දියයුතු බවද අමාත්‍ය වරයා මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින්ට උපදෙස් ලබාදෙන ලදී.

Exit mobile version