මාර්ග තදබදය අඩු කරන්න කොළඹ අහසට එන කෝච්චි පාර 04 මෙන්න…

කොළඹ නාගරික කළාපය ආවරණය වන පරිදි කුළුණු මතින් දිවෙන දුම්රිය මාර්ග 04ක් ඉදිකිරීමට නාගරික සංවර්ධන අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට ඊයේ (29) අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් ප්‍රකාශක උදය ගම්මන්පිල පැවසීය.

කොළඹ තදාශ්‍රිතව ඇතිවන වාහන තදබදයට විසඳුමක් ලෙස මෙම ඉදිකිරීම සිදුකරන බව ඔහු කීවේය.

රක්ත, හරිත, නීල සහ දම් යනුවෙන් හඳුන්වා ඇති මෙම දුම්රිය මාර්ග 04 ඉදිකරනු ලබන්නේ පෞද්ගලික සහ රජයේ ඒකාබද්ධ සංවර්ධන යෝජනා ක්‍රමයක් ලෙසය.


එහිදී රක්ත දුම්රිය මාර්ගය රාගම සිට පිටකොටුව හරහා කොට්ටාව දක්වා කිලෝමීටර් 42ක දුරක් ආවරණය කෙරේ.

හරිත දුම්රිය මාර්ගය මොරටුව සිට නාරාහේන්පිට හරහා කැලණිය දක්වා ධාවනය කිරීමට නියමිත අතර එම දුම්රිය මාර්ගයේ සමස්ත දුර කිලෝමීටර් 28ක් වේ.‍

කිලෝමීටර් 23ක දුරක් දිවෙන නීල දුම්රිය මාර්ගය කොට්ටාවෙන් ආරම්භ වී ඉසුරුපාය හරහා හුණුපිටිය දක්වා ධාවනය කෙරේ.

දම් දුම්රිය මාර්ගය කොළඹ වරාය නගරයේ සිට බොරැල්ල හරහා අතුරුගිරිය දක්වා ධාවනය කිරීමට නියමිතය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


-නෙත් –

Exit mobile version