මාරක ඉන්දියානු ප්‍රභේදය ඇතුළු  කොවිඩ් ප්‍රභේද 6ක් ලංකාවෙන් සොයා ගනී.

පසුගිය අප්‍රේල් 30 දක්වා  දිවයින ආවරණය වන ආකාරයෙන් ලබා ගත්  කොවිඩ් ආසාදිතයන්ගේ නියැදිවලින් කොවිඩ්  ප්‍රභේද හයක් සොයාගත් බව    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ    ප්‍රතිශක්ති විද්‍යා  හා අණුක ජීව විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කරයි.

B.1.1.7  ලෙස නම්කළ බ්‍රිතාන්‍ය  කොවිඩ් ප්‍රභේදය /කෙන්ට්  ප්‍රභේදය,  යුරෝපයේ ඩෙන්මාර්කයේ  මැදපෙරදිග ව්‍යාප්ත වී ඇති B.1. 428 කොවිඩ් ප්‍රභේදය,   B.1.411 ලෙස නම් කර ඇති ශ්‍රී ලංකා ප්‍රභේදය,  නයිජීරියාවේ පැතිර යමින් අති  B.1.525 නම් නයිජීරියන් ප්‍රභේදය,  ඉන්දියාවේ බිහිසුණු ලෙස පැතිර යන  B.1.617 නම් ඉන්දීය ප්‍රභේදය, B.1.351 නම් දකුණු අප්‍රිකානු ප්‍රභේදය  මේ සොයාගත් ප්‍රභේද හයයි.

බිතාන්‍ය කෙන්ට් ප්‍රභේදය කොළඹ නගර සභා සීමාව, හෝමාගම, බොරලැස්ගමුව, කුරුණෑගල පොල්පිතිගම, කුලියාපිටිය, නිකවැරටිය, ගනේවත්ත, අඹන්පොල, ගිරිඋල්ල, පන්නල, වාරියපොල, කළුතර අගලවත්ත, බිඹුරුව, පානදුර, පාලින්දනුවර, බණ්ඩාරගම, නුවර , පඬුවස්නුවර, හිඟුරක්ගොඩ,   මැදිරිගිරිය, හා මන්නාරාම නගරයෙන්  හමුවී තිබිණි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඩෙන්මාර්ක් යුරෝප ප්‍රභේදය යාපනයේ නල්ලූර්වලින් හමු වී තිබිණි. ශ්‍රී ලංකා කොවිඩ් ප්‍රභේදය මඩකලපුව හා කොළඹින් හමු වූ බව වාර්තා කර තබිණි.  නයිජීරියානු ප්‍රභේදය හමුවී තිබුණේ  බණ්ඩාරගම සහ කොළඹිනි. දකුණු අප්‍රකානු  ප්‍රභේදය හා ඉන්දියාවේ පැතිර යන ප්‍රභේදය දැනට නවලෝක රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටිනා රෝගින් දෙදෙනෙකුගෙන් වාර්තා වී ඇත.

Exit mobile version