මාටින් වික්‍රමසිංහයන්ගේ දෙටු පුතු දිවියෙන් සමුගනී

සුප්‍රකට ගත්කරු මාටින් වික්‍රමසිංහයන්ගේ ජ්‍යෙෂ්ඨ පුත්‍ර රතත්නය වූ මෙරට අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ  ව්‍යාපාරික නායකයකු ලෙස සැලකෙන එස්.කේ වික්‍රමසිංහ මහතා අභාවප්‍රාප්ත විය.

මිය යන විට 94 වියේ පසුවූ වික්‍රමසිංහ මහතා මෙරට ලංකා බැංකුව, ලංකා දුම්කොල සමාගම, සී.අයිසී, සීටටීසී ඊගල්, ජාතික සංවර්ධන බැංකුව සහ ශ්‍රි ලංකන් ගුවන් සේවය වැනි පුධාන පෙලේ ව්‍යාපාරික ආයතන ගණනාවකම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙසින් මෙන්ම සමාගම් සභාපතිවරයකු ලෙස ද කටයුතු කළ අතර 1995ත් 1999ත් අතර කාලයේදී බ්‍රිතාන්‍යයේ  ශ්‍රි ලංකා මහ කොමසාරිස්වරයා ලෙසද කටයුතු කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මාටින් වික්‍රමසිංහ භාරයේ ද සභාපතිවරයා ලෙස කටයුතු කළ වික්‍රමසිංහ මහාතගේ අවසන් කටයුතු අද සවස 4.00ට  බොරුල්ල ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතය.


Exit mobile version