මහබාගේ හොරකමේ ගෙල කපාගත් සැකකරු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ හෘද රෝගියෙක්!

රාගම ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලකින් භාණ්ඩ කිහිපයක් සොරකම් කර පසුව ඔහුගේ ගෙල කපාගත් පුද්ගලයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ හදවත් රෝගී අයෙක් බවත් ඔහු මියගොස් ඇත්තේ ගෙල කපාගැනීමේ තුවාලවලින් නොව, හෘදයාබාධයකින් බවත් පරීක්ෂණවල දී අනාවරණය වී තිබේ.

පොලීසිය පැවසුවේ සුපිරි වෙළඳසැලට පැමිණි පුද්ගලයා ළමයින් සඳහා භාවිත කරන බේබි ක්‍රීම් සහ කොලෝන් වර්ගයක් සොරකම් කර ඇති බව ය.

කෙසේ වෙතත් අදාළ පුද්ගලයා සොරාගත් භාණ්ඩ රැගෙන ත්‍රිරෝද රථයකට නැගීමට උත්සාහ කර ඇති අතර එහිදී ත්‍රිරෝද රථ රියදුරු  එම ගමන වැළැක්වීමට උත්සාහ කර ඇත. ඒ අවස්ථාවේ දී සැකකරු ඔහුට පිහියකින් පහර දී ඇති අතර තුවාල ලද ත්‍රී රෝද රථ රියදුරා රාගම රෝහලට ඇතුළත් කර තිබේ.


පොලිසිය පැවසුවේ සිද්ධිය ඇසින් දුටු තවත් පිරිසක් සැකකරු පසුපස ලුහුබැඳ ගොස් ඇති බව ය.

ඉන් අනතුරුව කිසිවකු තමා ළඟට පැමිණියහොත් ගෙල කපා ගන්නා බවට තර්ජනය කර තිබේ.  අවසානයේ අත තිබූ පිහියෙන් ඔහු ගෙල කපාගෙන ඇත. සැකකරු රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

කෙසේ වෙතත් මාතලේ ප්‍රදේශයේ පදිංචි මෙම 48 හැවිරිදි පුද්ගලයා හෘදයා මත්කුඩුවලට ඇබ්බැහි වීම හේතුවෙන් සිදුකරන ලද සොරකම් මත ප්‍රදේශයෙන් පැමිණ රාගම සිය සොයුරිකගේ නැවතී සිට ඇත.

හෘදයාබාධයකින් පෙලෙමින් සිටි මේ තැනැත්තා කලක් රෝහල්ගතව ප්‍රතිකාර ගත් අයෙකි. මත්ද්‍රව්‍ය ඇබ්බැහිය වළක්වාගත නොහැකිව සිටි මේ පුද්ගලයා මත්කුඩු අවශ්‍යතාවය වෙනුවෙන් සුලු හොරකම් සිදුකරමින් සිට ඇති බව විමර්ශනවල දී අනාවරණය වී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අවස්ථාවේ දී ඇතිවූ හදිසි හෘදයාබාධයක් නිසා පුද්ගලයා මියගොස් ඇති බව වාර්තා වේ.

Exit mobile version