මහනුවර රෝහලේ මෘතශරීරාගාරයේ මිනී ගොඩගැසේ… අධිශීකරණ ධාරිතාව 30යි… මළසිරුරු 38යි…

සිරුරු කුණුවෙන්න පටන් අරන්... ගොඩගැසුණු මිනීවල තහවුරුකළ කොවිඩ් සිරුරු 08ක්..

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මහනුවර රෝහලේ මෘත ශරීරගාරයේ ධාරිතාව ඉක්මවාගොස් මිනී කුණුවෙමින් ඇතැයි වාර්තා වේ.

මෘතශරීරාගාරයේ අධිශීතාගාරය තුළ ඉඩ ඇත්තේ මෘත ශරීර 30කට පමණක් බවත් මේ වනවිට මෘත ශරීර 38ක් තැන්පත් කිරීමට සිදුවීම නිසා මෘතශරීරාගාරයේ එළිමහන් කොටසේ මෘත ශරීර අටක් තැන්පත් කිරීමට සිදු වී ඇති බවත් වාර්තා වේ.

නිවෙස්වල සිදුවන මරණ ඇතුළු රෝහලේ සිදුවන සෑම මරණයක් සඳහාම පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළයුතු වීම නිසා රෝහලට එම මෘත ශරීර රැගෙන ඒමට සිදුවීම, වෛද්‍ය පර්යේෂණාගාරයට පී.සී.ආර් පරීක්ෂණ සඳහා සාම්පල ලබා දීම උදේ 9ට පෙර සිදු කරගැනීමට නොහැකි වුවහොත් පහුවෙනිදා උදෑසන 9තෙක් සිරුරු තැන්පත් කිරීමට සිදුවීම, කොවිඩ් සිරුරු ආදාහනය සඳහා මහයියාව ආදාහනාගාරයෙන් නියමිත වෙලාවක් ලබා දීම වැනි ප්‍රායෝගික කාරණා නිසා මේ ආකාරයෙන් මෘතදේහ ගොඩගැසෙමින් ඇතැයි පැවසේ.

උපරිම ධාරිතාවෙන් මහයියාව ආදාහනාගාරය ක්‍රියාත්මක වුවත් අනේක සියලුම රෝහල්වලින් නිකුත් කරන මෘතදේහ ප්‍රමාණයත් සමග මෘතදේහ ගොඩගැසී තිබීමේ ගැටලුව මතුව ඇතැයි වාර්තා වේ.

Exit mobile version