මහනුවර තවත් පස් මහල් ගොඩනැගිල්ලක් කඩා වැටෙයි…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මහනුවර කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ සෙනරත්ගම ප්‍රදේශයේ ඉදි කෙරෙමින් තිබූ පස් මහල් ගොඩනැගිල්ලක් කඩා මාර්ගයටත් බරපතල හානියක් කරමින් කඩා වැටී තිබේ.

මෙම ගොඩනැගිල් ඉදි කිරීමේ පවතින දුර්වලතා ගොඩනැගිල්ල කඩා වැටීමට හේතුවී තිබෙන බව මහනුවර දිස්ත්‍රික් ආපාදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර කීය.

ප්‍රධාන මාර්ගයේ කොටසක් කඩාගෙන යෑම නිසා බර වාහන සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය දැනුම් දී ඇත.

ගොඩනැගිල්ල ඊයේ (12) පස්වරු 5.45 ට පමණ කඩා වැටී ඇති අතර ඉන් කිසිවෙකුටත් හානි සිදුව නොමැත.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ අද (13) පෙරවරුවේ අදාළ ස්ථානය නිරීක්ෂණ කිරීමට පැමිණි අතර මෙම ගොඩනැගිල්ල නීතිමය අවසර ලබාගෙන ඉදිකර තිබෙන්නේද යන්න සම්බන්ධව තොරතුරු ලබාදෙන ලෙස නිලධාරීන්ට උපදෙස් දී ඇත.

මහනුවර බූවැලිකඩ පස් මහල් ගොඩනැගිල්ල කඩා වැටීමෙන් පසු පළාත් රාජ්‍ය සේවයේ ඉංජිනේරුවරු, මාර්ග සංවර්ධන අධිකාරිය, පළාත් පාලන ආයතන නියෝජිතයින් ඇතුළු වගකිව යුතු අංශ කැඳවා සාකච්ඡා පවත්වා අනවසර හා ප්‍රමිතියෙන් තොර ඉදි කිරිම් සිදු කිරීම වැලැක්වීමට පියවර ගන්නා ලෙස දැනුම් දීම් කළත් මෙවැනි සිදුවීම් තුළින් පෙනී යන්නේ එම උපදෙස් පිළිනොගෙන ඇති බව යැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා කීය.

Exit mobile version