මහනුවර එකම පවුලේ කොවිඩ් මරණ ගැන විශේෂඥ කණ්ඩායමක් පරීක්ෂණ අරඹයි… අවසන් වාර්තාව හෙට

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.



මහනුවර මුරුතලාව ඉලුක්තැන්න ප්‍රදේශයේ මව,පියා හා පුතා කොවිඩ් ආසාදිතව දින 20 ක කාල පරාසයක් තුළ මරණයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් මත විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් විසින් පරීක්ෂණයක් ආරම්භ කළ බවත් එහි අවසන් වාර්තාව හෙට (30) ලබා දෙන බවත් මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නිහාල් වීරසූරිය පවසයි.

මෙම මස 02 දින සිරිපාල රාජපක්ෂ යන අයත් 14 දින ඔහුගේ බිරිඳ වන චන්ද්‍රා රාජපක්ෂ යන අයත් 23 දින පුත් ධම්මික රාජපක්ෂ යන අයත් කොවිඩ් ආසාදිතව මරණයට පත්වූහ.
ඔවුන් සියලු දෙනාට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙන බව වෛද්‍ය වාර්තා මගින් තහවුරුකර තිබිණි.

පියාගේ මරණයෙන් පසු ඔහුගේ ළඟම ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් බිරිඳ හා පුතා, ලේලිය හා ඇගේ දරුවන් දෙදෙනා පී.සී.ආර් පරීක්ෂණයකට යොමු කිරීම ප්‍රමාද වීම හේතුවෙන් සෞඛ්‍ය බලධාරීන්ගේ ඉල්ලීම මත ඔවුන් පෞද්ගලික රෝහලක් මගින් එම වාර්තා ලබාගෙන ඇත. එහිදී ඔවුන් සියලු දෙනාට කොවිඩ් ආසාදනය වී තිබෙන බව හෙළිව ඇත.

ලේලිය හා හා දරු දෙදෙනා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ඇතුළුකර ප්‍රතිකාර ලබාදීමෙන් පසු සුවය ලබා තිබේ. ස්වාමි පුරුෂායා මිය ගොස් දින 14කින් බිරිය මරණයට පත්ව තිබෙන අතර පුතා මියගොස් ඇත්තේ දින 23කිනි.

Exit mobile version