මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහර වීදි සංචාරයේ…

DALADA

සධාතුක කරඬුව වැඩමන කතරගම වාසනා ඇතා...

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහර අද (13) රාත්‍රියේ වීදි සංචාරය කිරීම ඇඹුවේය. ඒ ලැබුවේ වෙනදා රැස්කකා වීදිවල රැස්ව සිටින ජනතාව නොමැතිවය.

කොවිඩ් අවදානමත් සමඟ මෙවර මහනුවර ඇසළ පෙරහර නැරඹීමට සඳහා ජනතාවට අවස්ථාව ලබා නොදීමට මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම සහ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල තීරණය කරනු ලැබූහ. ඒ සෞඛ්‍ය අංශ වල උපදෙස් අනුවය.

පාස්කු ප්‍රහාරය හේතුවෙන් 2019 වසරේදීත් කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය වසරේ මෙන්ම මෙම වසරේත් පෙරහර ජනතාවට දැක බලා ගැනීමේ අවස්ථාව අහිමිය.

ප්‍රථම කුඹල් පෙරහර වීදි සංචාරය කළ අද (13) පෙරහරේ සධාතුක කරඬුව වැඩම කරනු ලැබුවේ කතරගම වාසනා ඇතා මතිනි. බුරුම රාජා සහ සිංහ රාජා දෑලේ ඇතුන් ලෙස ගමන් ගත්හ.

Exit mobile version