මහනුවර බස්නායක නිලමෙලාගේ “ඇසිඩ් කෙළිය“ පත්තුවෙන ලකුණු…

මේ අධි ආරක්ෂිත කලාපයට පරීක්ෂාවට ලක් නොවී විෂ රසායන ගෙනෙන්නට හැක්කේ ප්‍රභූ අතලොස්සකට පමණයි. පොලිසිය කියයි...

Acid

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මහනුවර ඇසළ පෙරහර ආරම්භ කරමින් පැවති පළමු කුඹල් පෙරහර දා නාථ දේවාලයේ බස්නායක නිලමේ වරයාගේ සහ නිලමේ වරයාගේ සම්බනධීකරණ ලේකම්වරයාට අයත් වාහන වලට එල්ල වූ රසායනික ද්‍රව්‍ය ප්‍රහාරය සම්බන්ධ බරපතල සැකයක් ඇති වන බවත් එවැනි රසායනික ද්‍රව්‍යයක් පරීක්ෂාවකින් තොරව එවැනි අධි ආරක්ෂිත ස්ථානයක් වෙත රැගෙන යා හැක්කේ දළදා මළිගාවේසහ හතර මහා දේවාලයේ රාජකාරි කරන ඉහළම ප්‍රභූ වරුන්ට පමණක් බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි.

දැනට ලංකාවේ පූජා භූමි වලින් අධි ආරක්ෂිත කලාප සේ සලකා ඉහළම ආරක්ෂාව සපයා ඇත්තේ දළදා මාළිගාවට, ජය සිරිමහා බෝධියට හා රුවන්වැලි සෑ පරිශ්‍රයට සහ කතරගම දේවාල භූමියට පමණක් බවත් ඒ අතුරින් පෙරහර සමයේ දළදා මාළිගා පරිශ්‍රයට ඉහළම ආරක්ෂාව සැපයෙන බවත් එම ආරංචි මාර්ග කියයි.

“ ඉහළම පෙළේ ප්‍රභූ වරුන් අතලොස්සගෙ හැර අනෙක් සියලුම දෙනාගෙ වාහන හා ගමන් මළු පරීක්ෂා කරනවා. මෙහෙම දෙයක් සඟවා රැගෙන යන්නට හැකි අවකාශය තිබෙන්නේ අතලොස්සකට පමණයි.“ පොලිස් ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.

මේ වනවිට සිද්ධිය පිළිබඳ අධිකරණයට වාර්තා කර රසායන ද්‍රව්‍යවල සාම්පල රස පරීක්ෂකවරයාට යැවීමට කටයුතු කර ඇති බවත් සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කර ඇති බවත් වාර්තා වේ.

මේ සිද්ධියත් සමග දළදා මාළිගාවේ පරිපාලනය තිගැස්සී ඇති බව දැනගන්නට ඇත. පෙරහරට සිවු දිගින් ගෙනා ඇත් පන්තිය රඳවා ඇත්තේ මේ අසලය. මේ හේතුවෙන් ඇතුළු පෙරහර දවසට දැඩි ලෙස ආරක්ෂාව තර කිරීමට තීරණය වී ඇත.

පෙරහර සංවිධානය කරන මූලික රැස්වීම්වල දී කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා වූ ගැමුණු බණ්ඩාර වලිසුන්දර පෙරහර සංචාරය කරන අවස්ථාවල සියලුම අඳුරු ස්ථාන අධි විදුලි ආලෝක ධාරා යොදා ආලෝකවත් කළ යුතු බවට දැඩිව ඉල්ලා සිටියේය.

තමන්ගේ වාහනයට සහ නාථ දේවාලයේ බස්නායක නිලමේ වරයාගේ වාහනයට රසායනික ද්‍රව්‍ය ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවේ පත්තිනි දේවාලයේ වත්මන් බස්නායක නිලමේවරයා වන හේමන්ත බණ්ඩාර යැයි තමන් සැක කරන බව මහනුවර නාථ දේවාලයේ සහ මහියංගනය සමන් දේවාලයේ බස්නායක නිලමේ වරයාගේ සම්බන්ධීකරණ ලේකම් දීගායු අබේනායක පවසා තිබිණි.

එහෙත් පත්තිනි දේවාලයේ බස්නාය නිලමේවරයා වූ හේමන්ත බණ්ඩාර  ඒ චෝදනාව දැඩිව ප්‍රතික්ෂේප කළේය. ඔහු කීවේ තරහ මරහ ඇති බව සැබෑ මුත් මෙවැනි බාලාංශ වැඩ නොකරන බවත් ගහගන්නවා නම් එළිපිට පැමිණ මුහුණට මුහුණ බවත්ය.

සිද්ධිය සම්බන්ධ විධිමත් අපක්ෂපාතී පරීක්ෂණයක් කරන බව පොලිසිය පැවසීය.

Exit mobile version