මහජන පරීක්ෂවරු නල්ලතන්නියේ වෙළෙඳසල් ආශ්‍රිතව විශේෂ පරීක්ෂාවක!

PHI

කීර්ති ප්‍රනාන්දු – 

ලිස්ටීරියා බැක්ටීරියාව ආසාදනය වී ඇතැයි සැක සහිත පුද්ගල මරණ හතරක් වාර්තා වීමත් සමග නල්ලතන්නිය ප්‍රදේශයේ ජනතාව වැඩි වශයෙන් ගැවසෙන වෙළෙඳසල් ආශ්‍රිතව විශේෂ පරීක්ෂණයක නිරත වූ බව මහ ජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.

නල්ලතන්නිය ප්‍රදේශයේ එවැනි රෝගී තත්ත්වයක අවදානමක් පිළිබඳ කිසිම සාධකයක් නැතත් එය තහවුරු කිරීම සඳහා සාම්පල් පරික්ෂාවක් කිරිමට සැලසුම් කර ඇති බව මහජන සෞඛ්‍ය ප්‍රධානියෙක් ලංකාසර කළ විමසීමක දී පැවසූවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව ලිස්ටීරියා බැක්ටීරියාව වර්ධනය වීමේ වැඩි අවදානමක් සහිත ආහාර වන කිරි ආශ්‍රිත නිශ්පාදනවල සාම්පල් 10ක් ලබාගෙන එම සාම්පල් කොළඹ වෛද්‍ය පරීක්ෂණ ආයතනය වෙත යොමු කිරීමට කටයුතු කළ බව ඔහු කීවේය.

Exit mobile version