මහජන උපයොගීතා කොමිසමට සාමාජිකයකු පත් කිරීමට මුදල් අමාත්‍යංශ ලේකම් ව්‍යවස්ථාව කඩලා !

මහජන උූපයෝගීතා සභාපතිගෙන් චෝදනාවක් !

මුදල් අමාත්‍යංශ  ලේකම්වරයා විසින්  ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සමාජිකයකු ලෙස කුෂාන් ජයසූරිය පත් කිරීමේදී පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සභාව නොමග යවමින් පනත ද උල්ලංඝනය කර ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක   පවසයි.

ඒ අනුව මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන  විසින් විෂය භාර අමාත්‍යවරයා හා ව්‍යවස්ථාදායකය නොමග යවමින් කොමිෂන් සභා පනතේ 5(2) උ වගන්තිය උල්ලංඝනය කර ඇති බවට ඔහු චෝදනා කරයි.

එම වගන්තියේ සදහන් ආකාරයට ලැදියා අතර ඝට්ටනයක් ඇති පුද්ගලයෙකු කොමිෂන් සභාවේ සාමාජික ධූරය සදහා පත් කල නොහැකි ය. එසේ තිබියදී විදුලිබල කර්මාන්තය ආශ්‍රිත සමාගමකට සම්බන්ධ කුෂාන් ජයසූරිය පත් කර ඇති අතර ඔහු දිවුරුම් පෙත්සමක් ලබාදෙමින් පත්වීම බාරගෙන ඇත.

2023 පෙබරවාරි 14 වෙනිදා ජනක රත්නායක  විසින් ලැදියා අතර ඝට්ටනයක් ඇති පුද්ගලයන් පත් කළ නොහැකි බවට අමාත්‍යංශ ලේකම්වරයාට දැනුම් දුන් පසු ඔහු පත්වීමේ ලිපිය යළි කැදවා තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලේකම්වරයාට එලෙස ලිපිය යළි කැදවීමේ හැකියාවක් නොමැති බව පෙන්වා දෙන සභාපතිවරයා මෙවැනි නීතිවිරෝධී ක්‍රියා නැවැත්වීමට ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බව  පවසා තිබේ.

Exit mobile version