මන්ද මානසික තැනැත්තියක් දූෂණය කළ සල්ලාලයාට බරපතල වැඩි ඇතිව වසර 07ක සිර දඬුවමක්…

rapee_0

සූරියවැව නුවන් ජයසේකර –

වසර හතකට පෙර හම්බන්තොට සිප්පිකුලමේදි මන්ද මානසික කාන්තාවක දූෂණය කිරීමේ වරදට වරද කරුවු පුද්ගලයෙකුට වසර 07ක බරවැඩ සහිත සිර දඩුවමක්, රුපියල් 10,000ක දඩයක් හා අගතියට පත් කාන්තාවට රුපියල් ලක්ෂ 05ක වන්දියක් ගෙවන ලෙස හම්බන්තොට මහාධිකරණ විනිසුරු රෂන්ත ගොඩවෙල  අද (13) සවස නියෝග කළේය.

මෙලෙස සිර දඩුවම් නියම වුයේ හම්බන්තොට සිප්පිකුළම පදිංචි 65 හැවිරිදි සය දරු පියෙකුටය.

චුදිත 2014-11-01 දින හම්බන්තොට සිප්පිකුලම පදිංචි 32 හැවිරිදි මන්ද මානසික කාන්තාවක අවස්ථා කිහිපයකදි දුෂණය කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට පොලිසියට ලද පැමිණිල්ලකට අනුව චුදිත අත්අඩංගුවට ගෙන හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පැවති මුලික නඩු විභාගයෙන් අනතුරුව නිතිපති වරයා විසින් චුදිතට එරෙහිව හම්බන්තොට මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකෙරුණි.


ඒ අනුව පැවති නඩු විභාගයෙන් අනතුරුව පැමිණිල්ල විසින් චුදිතට එරෙහි චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීම හේතුවෙන් චුදිතට පහත පරිදි දඩුවම් නියම කෙරුණි.

චුදිත අදාල චෝදනා සදහා වැරදි කරු කල අතර චුදිතට වසර 07ක බර වැඩ සහිත සිර දඩුවමක් නියම කෙරුණි. ඊට අමතරව රුපියල් 10,000ක දඩයක්ද නියම කල අතර එය නොගෙවන්නේ නම් තවත් මාස 06ක සිර දඩුවමක්ද නියම කෙරුණි.

මීට අමතරව අගතියට පත් මන්ද මානසික කාන්තාව සදහා රුපියල් ලක්ෂ 05ක වන්දි මුදලක් ගෙවන ලෙස ද නියෝග කෙරුණි. චුදිත වන්දි මුදල නොගෙවන්නේ නම් තවත් මාස 24ක සිර දඩුවමක් නියම කෙරුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නිතිපති වරයා වෙනුවෙන් පූර්වගාමී රජයේ අධිනීතීඥ ගෙවිදු සෙනෙවි රත්න මහතා සහ රජයේ අධිනීතීඥ ශෙහාන් මුස්තාපා මහතා පැමිණිල්ල මෙහයවන ලදි.

Exit mobile version