මන්ත්‍රී නිවාස සංකීර්ණයට මේ වසරේ  කෝටි 180ක් වෙන් කරගන්න ප්‍රසන්නගෙන් කැබිනට් පත්‍රිකාවක්!

සාමකාමී උද්ඝෝෂකයින්ට එල්ල කළ ප්‍රහාරයෙන් අනතුරුව මැයි 09 නිවාස හානි වූ මන්ත්‍රී වරුන් වෙත ප්‍රමුඛත්වය ලබා දෙමින් බෙදා දීම සඳහා වියත් පුර නිවාස සංකීර්ණයේ  නිවාස අත්පත් කරගැනීම වෙනුවෙන්  කෝටි එකසිය හැත්තෑ නවයකුත් පනස් තුන් ලක්ෂ හතලිස් දහසක් 2022 වසර තුළ  මහා භාණ්ඩාගාරයෙන් ලබා   ගැනීමටත්, ඉන් සියයට පනහක් වූ අසූ නව කෝටි හැත්තෑ හය ලක්ෂ හැත්තෑ දහසක් කොන්ත්‍රාත්කරුවන්ගේ වියදම් පියවීම සඳහා  මේ වසරේ දෙවන කාර්තුව තුළදීම මහා භාණ්ඩාගාරයෙන්  නාගරික සංවර්ධ අධිකාරියට මුදා ගැනීම  සඳහාත් අනුමැතිය ලබා ගැනීමට අදාල කැබිනට්    පත්‍රිකාවක්  නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් පසුගිය 30 වැනිදා පැවති  කැබිනට් මණ්ඩලය වෙත යොමු කර තිබේ.

මේ වසරේ කඩිනමින් ප්‍රතිපාදන වෙන් කරගැනීමට යෝජනා වී ඇති   වියත්පුර නිවාස සංකීර්ණයේ  බී කුළුනේ නිවාස 101ක් මන්ත්‍රී නිල නිවාස සඳහා වෙන් කිරීමට මීට පෙර  යෝජනා වී තිබිණි.

මාදිවෙල නිවාස සංකිර්ණය  ගරා වැටුණු තත්ත්වයකට පත් වී ඇති බැවින්  2021.06.23 දින   කතානායකවරයාගේ  ප්‍රධානත්වයෙන් පැවති  ගෘහ කාරක සභා රැස්වීමේ දී  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා  නව නිවාස ඒකක වියත්පුර මධ්‍යම පාන්තික නිවාස ව්‍යාපෘතියේ බී කුළුණේ වෙන් කිරීමට යෝජනා විය.

එහෙත් ඒ වෙනුවෙන් කිසිදු ප්‍රතිපාදනයක් වෙන් කර නොතිබිණි.  ප්‍රසන්න රණතුංග ඇමතිවරයා මෙම කැබිනට් පත්‍රිකාව යොමු කරන්නේ එම   නිවාස   101 මන්ත්‍රීවරුන්ට වෙන් කරගෙන එහි භුක්තිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත කඩිනමින් පවරා ගැනීම සඳහා භාණ්ඩාගාරයෙන් කෝටි එකසිය අසූවක් වෙන් කරගැනීම වෙනුවෙනි.


මේ වනවිට රටේ බිහිසුණු ආර්ථික ව්‍යසනයක් ඇති වී ජනතාවට තුන්වේල කන්න දෙයක් නැති අවස්ථාවක, ඩොලර් සඳහා තෙල් සංස්ථාවට රුපියල් නැති අවස්ථාවක මෙම මුදල් ප්‍රතිපාදන වෙන් කරගැනීම වෙනුවෙන් කැබිනට් පත්‍රිකාව යොමු කර තිබේ.

මේ අතර නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා විසින් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති  වෙත පසුගිය 23 වැනිදා ලිපියක් යවමින් දන්වා සිටින්නේ මැයි 09 දා  නිවාස අලාභානියට ලක් වූ මන්ත්‍රීවරුන් වෙනුවෙන්  ජනාධිපතිවරයාගේ නියමය පරිදි වීරමාවත  නිවාස සංකීර්ණයේ නිවාස ලබා දීමට නිර්දේශ කර ඇති බවැනි  එම  වීරමාවත නිවාස සංකීර්ණයේ ප්‍රවේශ මාර්ගයෙහි කටයුතු වහාම නිමා කරන ලෙසය.

නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති මාර්ග සංවර්ධන අධිකාරය ඇමතූ අයුරු….

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ප්‍රසන්න රණතුංග ඇමතිවරයා යොමු කළ කැබිනට් පත්‍රිකාව

 

Exit mobile version