සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මතුගම ප්‍රාදේශීය සභාව ඒකාබද්ධ විපක්ෂයට… සභාවේ සභාපතිකමත් සජබ ට නෑ… ධූරය ස්වාධීන සභිකයෙකුට…

by editor
ජූනි 30, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ආන්දෝලනාත්මක සිදුවීම් රැසක් මැද මතුගම ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂ කණ්ඩායම විසින් පිහිටුවනු ලැබුවේය.

විශේෂත්වය වන්නේ ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස පත් කරනු ලබන්නේ සමගි ජන බලවේගය විසින් සිය කණ්ඩායමට එක් කරගත්, හිටපු ඇමති පියල් නිශාන්ත ද සිල්වාගේ අනුග්‍රහය ලබන බව කියන කොස්ගෙඩිය ලකුණින් තරග කළ ස්වාධීන කණ්ඩායමේ ප්‍රබල චරිතයක් වූ කසුන් මුණසිංහය.

ජගත් විතාන මන්ත්‍රීවරයා දැඩි බලපෑමකට හසුව ස්වාධීන කණ්ඩායමෙන් තරග කළ කසුන් මුණසිංහ සභාපති ධූරයට තේරූ බවත්, මේ තේරීම සම්බන්ධව සජබ පරණ සාමාජිකත්වය දැඩි විරෝධතාවය පළ කර තිබුණු බවත් දැනගන්නට ලැබිනි.

සමගි ජන බලවේගය සභික ඡන්ද 19ක් ලබා ගත්තේය. ඒ 19ට සමගි ජන බලවේගය විසින් දිනාගත් සභික ධූර 10ත්, කොස්ගෙඩිය ස්වාධීන කණ්ඩායමේ සභික ධූර 04ත්, එක්සත් ජාතික පක්ෂයේ සභික ධූරය සහ වීවරංශගේ පංචායුධයේ සභික ධූරයත්, පොහොට්ටුවේ සභික ධූර 03ත් සහිතව සභික ධූර 19ක් ඒකාබද්ධ විපක්ෂය දිනා ගත්තේය. ජන අරගල සන්ධානය සිය එකම ඡන්දය අවලංගු කරනු ලැබුවේය.

ජගත් විතාන මන්ත්‍රීවරයා විසින් මතුගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ කණ්ඩායම දින තුනක් සියලුම පහසුකම් ලබා දී විපක්ෂ කණ්ඩායම හෝටලයක නවත්වාගෙන සිට ඡන්දය පැවැත්වෙන ස්ථානයට පා ගමනින්ම ඔවුන් රැගෙන ගොස් ප්‍රාදේශිය සභාව ජයග්‍රහණය කළ ආකාරය සම්බන්ධව මේ වනවිට බරපතල විවේචනයක් ද මතුවෙමින් තිබේ.

RelatedPosts

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

මාලිමා කණ්ඩායම චෝදනා කරන්නේ ප්‍රජාතන්ත්‍රවදයට සහ මානව නිදහසට ගරු නොකර නිවාස අඩස්සියේ තබාගෙන බලහත්කාරකම් කරමින් සිදුකළ මෙම ඒකාබද්ධ විපක්ෂයේ මෙහෙයුම අතිශයින් ජුගුප්සාජනයක බවය.

මාලිමාවේ ප පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව රණසිංහ එම ස්ථානයේ සිට මාධ්‍යයට මෙසේ පැවසුවේය.

“මතුගම ප්‍රාදේශීය සභාව ජාතික ජන බලවේගය තමයි ජයග්‍රහණය කළේ. අපට මන්ත්‍රී ධූර 13ක් තිබුණා. සජබෙට මන්ත්‍රී ධූර 10ක් තිබුණා. නමුත් වැඩිම මන්ත්‍රී ධූර සංඛ්‍යාවක් දිනාගෙන හිටියේ ජාතික ජන බලවේගයේ අපේ කණ්ඩායම. අපි හොඳම සභාපතිවරයෙක් තෝරාගෙන හිටියා. ප්‍රදේශීය සභාව තුළ විශාල වැඩ කොටසක් කිරීමේ අභිලාෂයෙන් තමයි අපි ප්‍රාදේශීය සභාව තුළ කටයුතු කළේ.

ජනාධිපතිවරයාගේ ශක්තිය පාර්ලිමේන්තු බලය උපයෝගී කරගෙන මතුගම ප්‍රාදේශීය සභාව ඉහළම තලයකට ඔසවා තබන්න තමයි අපි අපේ ජයග්‍රහණ වෙනුවෙන් කටයුතු කරන්න උත්සාහ කරමින් සිටියේ.

ඒ වෙනකොට රටම දන්නවා මේ මොකක්ද වෙන්නේ කියලා. දැනට දවස් දෙකක් තිස්සේ සියලුම මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් නිවාස අඩස්සියේ තියාගෙන හිටියෙ. දුරකථනවත් ඔවුන්ට දුන්නේ නෑ. අපට තොරතුරු ආවා විශාල බලපෑම් මත විවිධ පෙළඹවීම් හරහා තමයි ඔවුන් ඒ කාර්යය සඳහා පෙළඹුනේ.

අපට කණගාටුවක් තියනවා මේ රටේ නැවත වතාවක් යන්නෙ කොතෙන්ට ද කියලා. අපි ප්‍රාදේශීය සභා ගණනාවක් ජයග්‍රහණය කළා. හැබැයි ඒ හැම එකක්ම ඉතාම සහයෝගයෙන් ජනතා සහභාගීත්වයෙන් පිහිටුවන්න අප කටයුතු කළා.

හැබැයි ලංකාවෙ කිසිම තැනක නොවුන දෙයක් තමයි ඊයේ දවසේ සිද්ධ වුනේ. ඒ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උදුරාගෙන ඇත්ත ජන මතය යටපත් කරන ක්‍රියාමාර්ගය තමයි අරන් තිබුණේ. ඒ පිළිබඳව අපි අපේ විරෝධතාවය ප්‍රකාශ කරනවා.

ඒ වගේම සභාව කියන්නේ අපි කාගෙත් පොදු ආයතනයත්. ඒක ඇතුළෙ අපි රාජ්‍ය බලය පාවිච්චි කරලා ප්‍රදේශය ඇතුළෙ ජනතාවට කරන්න පුලුවන් උපරිම කාර්ය භාර්ය සඳහා අපි මැදිහත් වෙනවා. .

අපේ විරෝධය තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව නිදහස යටපත් කරන් විපක්ෂය ප්‍රකට කළ හැසිරීම පිළිබඳවයි. නව සභාපතිවරයාට සහ මන්ත්‍රී මණ්ඩලයට සුබ පතමින් එකතු වෙලා මේ ප්‍රාදේශීය සභාව ගොඩනගමු කියන පණිවිඩය දෙනවා.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

GMOA දේශපාලනීකරණය කරන්නට ගිය මාලිමාවට වෙච්චි දේ ගැන කතාවක්! මේ විදිහට බලපෑම් කරන්න ගිය අයට බලයෙනුත් යන්න උනා… වෛද්‍යවරු කියති!

Next Post

අධි අවදානම් කන්ටේනර් 323 නිදහස් කිරීමේ ක්‍රියාව සම්පූර්ණ නීති විරෝධීයි… ජනාධිපති විමර්ශන කමිටුව නිර්දේශ කරයි!

Related Posts

පුවත්

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026
පුවත්

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026
පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!
  • 2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.