සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධව තොරතුරු දෙන්න කියලා DIG ලගේ  දුරකථන අංකය දුන්නට පස්සේ  දකුණු පළාතෙන් විතරක් මත්ද්‍රව්‍ය අපරාධ ගැන ඔත්තු 2000ක්….

by editor
සැප්තැම්බර් 28, 2025
in පුවත්
Drugs
Share on FacebookShare on Twitter

අසේල කුරුළුවංශ –

පොලිස්පතිවරයා විසින් තොරතුරු ලබා දීම සඳහා පොලිස්පතිවරුන්ගේ දුරකථන අංක ප්‍රසිද්ධ කළ පසු දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයට පමණක්  මේ වනවිට මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධ තොරතුරු 2000කට වැඩි ප්‍රමාණයක් ලැබී ඇතැයි මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල සඳහන් කළේය.

ඇමතිවරයා අද (28)  මේ බව ප්‍රකාශ කළේ පේරාදෙණිය  හන්දෙස්ස මාම්පිටිය ප්‍රදේශයේ ඉදි කිරීමට යෝජිත මත්ද්‍රව්‍ය වලට යොමු වූවන්ට ප්‍රතිකාර ලබාදීමේ හා පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යම පළාත් මධ්‍යස්ථානය සඳහා මුල්ගල් තැබීමේ උත්සවයේ ය අමතමිනි.

ඔහු මෙසේ ද පැවසුවේය.

පොලිස්පතිවරයා මෑතක තොරතුරු දෙන්න කියලා නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ දුරකතන අංක ප්‍රසිද්ධ කළා.දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කතා කරලා කිව්වා මේ වනවිට 2000 කට අධික තොරතුරු ප්‍රමාණයක් දකුණු පළාතින් විතරක් ඇවිල්ලා තිබෙනවා කියලා.

දකුණු පළාතින් විතරක් 2000 ක් ආවා නම් අනෙක් පළාතුත් ගත්තම කොතරම් ව්‍යාප්තියක් මේකේ තිබෙනවාද කියලා අවබෝධ කර ගන්න පුළුවන්. හිටපු පාලකයෝ මේ සඳහා පිළියම් යෙදුවද නැද්ද කියලා මම අමුතුවෙන් ඔබට කියන්න ඕන නැහැ.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

අනතරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ ධාරිතාව 200 යි. පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාලයේ යටතේ කන්දකාඩු, සේනපුර වගේ පුනරුත්ථාපන මධ්‍යස්ථාන තිබෙනවා. ඒවාගේ ධාරිතාව 1500 ක් විතර. තවත් පෞද්ගලික ආයතන 10-15 ක් තිබෙනවා. මත්ද්‍රව්‍ය ව්‍යාප්තියත් එක්ක පුනරුත්ථාපන කොහෙත්ම ප්‍රමාණවත් නැහැ.

රටේ අනාගත දරු පරපුර ආරක්ෂා කර ගැනීම සඳහා වන බරපතළ අභියෝගයක් ආණ්ඩුවට පැවරී තිබෙනවා. ඒ අභියෝගය අපි බාරගෙන තිබෙනවා. මත්ද්‍රව්‍ය රට තුළට ගලා එන එක වැලැක්වීම වගේම අනෙක් පැත්තෙන් මත්ද්‍රව්‍ය සඳහා තිබෙන ඉල්ලුම අඩු කිරීම කළ යුතුයි. මත්ද්‍රව්‍ය රට තුළට ගලා ඒම වැලැක්වීම සඳහා තිබෙන ආයතන අතර ප්‍රධානතම ආයතනය පොලීසියයි. අපි තීන්දුවක් ගත්තා මත්ද්‍රව්‍ය ජාලය කෙසේ හෝ අඩපණ කරන්න. මේ මත්ද්‍රව්‍ය ජාලය සමඟ සංවිධානාත්මක අපරාධකරුවන් ඍජුවම සම්බන්ධයි. ඒ දෙක වෙන් කරලා ගන්න අමාරුයි. රජයක් ලෙස තීන්දු කළා කොපමණ අභියෝග තිබුණත් මේක පාලනය කිරීම ප්‍රමුඛ කාර්ය ලෙස සලකා කටයුතු කරන්න. ඒකට වැඩපිළිවෙළක් ඉදිරි සතියේ දී ක්‍රියාත්මක කරනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ක්‍රීඩා අමාත්‍යාංශයේ කිසිදු අනුග්‍රහයක් නැතිව ගෘහස්ථ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ඇරඹෙයි…

Next Post

ජනපති අද ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවෙයි!

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.