මත්තලින් ඓතිහාසික ගුවන් ගමනක්…

ඉතිහාසයේ පළමු වතාවට මත්තල ගුවන්තොටුපලින් කොරියාවට ගුවන් ගමන් 26 වෙනිදා රාත්‍රියෙන් ආරම්භ කෙරේ.

කොරෝනා වෛයිරයේ වය්‍යාප්තියත් සමග තාවකාලිකව නතර කර තිබු විදේශ රැකියා සදහා පිටත්විම ඒ අනුවනැවත ආරම්භ කරමින් කොරියා රැකියාලාභීන් ප්‍රථම වරට මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලින් මියන්මාර් ගුවන් සේවයට අයත් MAI 8M801 ගුවන් යානයෙන් දකුණු කොරියාවේ සෝල් නුවර බලා පිටත්විම 2020.5.26 රාත්‍රියේදි සිදුකෙරෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි .

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙහිදි රැකියාලාභීන් 160 දෙනකු පිටත්විමට නියමිත අතර, මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලින් දකුණු කොරියාවේ සෝල් නුවර බලා පිටත්වන පළමු ගුවන් යානය මෙය වන බැවින් එය ඉතිහාසයට එක්වෙන බව ද කාර්යාංශය සඳහන් කර සිටී.


Exit mobile version