මට දැන් හති… ගම්මන්පිල කියයි!

Udaya-Gammanpila

රට තුළ තෙල් හිඟයක් නොමැති බව මාධ්‍ය ඉදිරියට පැමිණ ප්‍රකාශ කිරීමෙන් තමන්ට හති වැටී ඇතැයි බලශක්ති ඇමති උදය ගම්මන්පිල   සදහන් කරයි.

ලෝකයේ බලවත් රටවල් තෙල් හිඟයකට මුහුණ පා තිබියදී අප රට තුළ තෙල් හිඟයක් නොමැති වීම විපක්ෂයට සහ ඇතැම් වෘත්තීය සමිතිවලට බලවත් ප්‍රශ්නයක් වී ඇතැයි ද ඇමතිවරයා සදහන් කරයි

“ඩොලර් මිලියන 3600ක් ණයක් ඕමාන් රජයෙන් ගැනීමට  අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ගිවිසුම් අත්සන් කරමින් සිටිනවා.  ඒ නිසා මේ මාසය තුළ ඉන්ධන ලබා ගැනීමට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය ලබා දීමට මහබැංකු අධිපතිවරයා පොරොන්දු වී ඇති බැවින් රටතුළ තෙල් හිඟයක් කිසිසේත්ම ඇති නොවන බව ඇමතිවරයා පෙන්වාද‍ේ


මේ දක්වා  තෙල් මිල වැඩිකිරීම කිසිදු  තීරණයක් රජය ගෙන නොමැති අතර මුදල් අමාත්‍යංශයේ සහනයක් ඉල්ලා  ඇති   නමුත් මේ දක්වා ප්‍රතිචාරයක් ලැබී නැතැයි ද හෙතෙම සඳහන් කරයි.

මෙවන් මොහොතක දී ජනතා ව පීඩාවට පත් නොකිරීම රජයේ බලාපොරොත්තුව වන අතර මුදල් අමාත්‍යංශයෙන් යම් සහනයක්   ලබාදෙනු ඇති බවට තමන්   විශ්වාස කරන බව ද ගම්මන්පිල ඇමතිවරයා  පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වන විට රජය අලෙවි කරන  ඩීසල් ලීටරයකින් රුපියල් 38ත්  පෙට්ට්‍රල් ලීටරයකට රුපියල් 22 පාඩුවක් ලබන බවත්  මෙවන් පසුබිමක් තුළ එල්අයිඔිසී සමාගම පෙට්ට්‍රල් සහ ඩීසල්ලී ටර්යක්  රුපියල් 5 න් ඉහළ දමා තිබෙන බවද ඇමතිවරයා පෙන්වාදේ. 

 

Exit mobile version