භයානකම කොවිඩ් වෛරසට විකල්පය එන්නත් මාත්‍රා 02 පමණයි… මහාචාර්ය නිලීකා මලවිගේ

covid-delta-veriyant

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලොව පුරා කොරෝනා වයිරස් වර්ග සිය ගණනක් පැවතුනත් දරුණු ගණයේ වයිරස් ඇත්තේ 4ක් පමණක් බවත් ඉන් එක් වයිරසයක් වන්නේ දෙමටගොඩ ප්‍රදේශයෙන් හඳුනාගත් ඩෙල්ටා ප්‍රභේදය බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ සඳහන් කරයි.

ලොව පුරා පවතින දරුණු ගණයේ වයිරස් ප්‍රභේදයන් හතරම මර්දනය කිරීමේ හැකියාව දැනට ලොව පුරා භාවිත කරන කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් සියල්ලටම හැකියාව පවතින බැවින් එන්නත් මාත්‍රා දෙකම ලබා ගැනීම අනිවාර්ය බව ඇය කියා සිටියාය.

ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරීම බ්‍රිතාන්‍ය ප්‍රභේදයට වඩා සියයට 50ක් වන අතර එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් පුද්ගලයින්ට වයිරසය ආසාදනය වුවත් දරුණු ගණයේ සංකූලතාවන් ඇති නොවන බව බ්‍රිතාන්‍යයේ කල පරික්ෂණයන් මගින් තහවුරු වූවේ යැයි ඇය පෙන්වාදේ.

මේ වන විට ඩෙල්ටා ප්‍රභේදය රටවල් අසූවක පමණ පැතිර පවතින බව සොයාගෙන ඇති අතර ඒ සෑම රටකම දරුණු රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇත්තේ එන්නත් ලබා නොගත් පුද්ගලයින් ගෙන් යැයිද ඇය පෙන්වාදේ.

එන්නත් මාත්‍රා දෙකම ලබා ගත්තද මුහුණු ආවරණ පැළඳීම හා දුරස්ථභාවය තබා ගැනීම මගින් වයිරසය තමන්ගෙන් තවත් කෙනෙකුට හෝ අන් අයගෙන් තමන්ට බෝවීම වලක්වා ගත හැකි බව මහාචාර්යවරිය සඳහන් කරයි

Exit mobile version