බෞද්ධ මත අමතක කරන්න වෙර දරන චීනය

dalai lama

ශුද්ධෝත්තම 14 වැනි දලයි ලාමා තුමාගේ පුනරුත්පත්තිය පිළිබඳ වාද විවාදවලට මැදිහත් වීමට සහ ටිබෙට් බුද්ධාගම තවදුරටත් චීනකරණය කිරීමට චීන කොමියුනිස්ට් පක්ෂය ප්‍රචාරක රූපවාහිනී නිෂ්පාදන ආරම්භ කර තිබේ.

චයිනා සෙන්ට්‍රල් ටෙලිවිෂන් හි නිම වූ රූපවාහිනී කතාමාලාවක් වන ටෂිලහුන්පෝ, ටිබෙට් බුදුදහමේ සමාන තනතුරු දරන දලයි ලාමා සහ පන්චෙන් ලාමාගේ පුනරුත්පත්තිය සෙවීම පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ලබා දුන්නේය.

ඒ් අනුව ග්ලෝබල් ටයිම්ස් පුවත්පත වාර්තා කරන අන්දමට මෙම ආගමික චාරිත්‍රය චීන මධ්‍යම රජය විසින් අධීක්‍ෂණය කර ඇති අතර 13 වන සියවසේ අග භාගයේ සිට චීන භූමි ප්‍රදේශය තුළ පවත්වනු ලබන බවද අවධාරනය කර ඇත.


චීනය මීට පෙර “චීනයේ ටිබෙටයට” පැමිණෙන ලෙස මිනිසුන් පිළිගැනීමේ සම්මන්ත්‍රණ, ප්‍රදර්ශන, සමාජ මාධ්‍ය පළකිරීම් මගින් මානව හිමිකම් කඩකිරීම් දිගින් දිගටම සිදුවන ටිබෙටයේ රෝස පැහැති ප්‍රතිරූපයක් පින්තාරු කිරීම සඳහා විදේශීය සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් මගින් උත්සහ කළේය.
මෙහිදී චීන රජය විසින් දලයි ලාමා තුමාගේ පුනරුත්පත්තිය චීන භූමිය තුළ සිදු වූ බව ප්‍රකාශ කරමින් “චීනය ටිබෙට් බුද්ධාගමේ උපන් ස්ථානය වන බවත් ජීවමාන බුදුවරු චීන ජාතිකයන් යැයි පවසමින් චීනය කටයුතු කරන බවදට අදාල පුවත්පත් වාර්තාවන් මගින් ප්‍රකාශ කර ඇත.
කෙසේවෙතත් චීනය එහිදී නඟන තවත් තර්කයක් වන්නේ “ඕනෑම ආගමික කටයුතු චීනයේ අභ්‍යන්තර කාර්යක් බවත් එබැවින් එය චීන නීතියට අනුකූලව සිදු කළ යුතුය යන්නයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ටිබෙටය නීතිවිරෝධී ලෙස ඈඳාගැනීමෙන් පසු, චීන කොමියුනිස්ට් පක්ෂය දැන් උත්සාහ කරන්නේ දලයි ලාමාගේ පුනරුත්පත්ති ක්‍රියාවලිය පාලනය කිරීමටය. එය ශතවර්ෂ ගණනාවක් පැරණි පූජනීය බෞද්ධ විශ්වාසයන් තුළ ගැඹුරින් මුල් බැස ඇත.ස්වයං-ප්‍රකාශිත අදේවවාදී රාජ්‍යයක් වුවද, චීනය ටිබෙටය පාලනය කිරීමට සහ අනිසි ලෙස භාවිතා කිරීමට උත්සාහ කරයි. ටිබෙට් බුද්ධාගම චීන ලක්‍ෂණ සමඟ ප්‍රචලිත කරන්න ලෝකයේ ලාබාලතම සහ දීර්ඝතම දේශපාලන සිරකරුවන්ගෙන් කෙනෙකු වන ටිබෙටයේ පංචෙන් ලාමා චීනය පැහැරගෙන ගොස් ඔහු වෙනුවට රූකඩයක් පත් කරන විට යන්තම් වයස අවුරුදු හයකි.

Exit mobile version