බෝගම්බර නිරෝධායන කඳවුරේ සිර කරුවෙක් සියදිවි නසා ගනී…

මහනුවර බෝගම්බර පැරණි බන්ධනාගාරයේ පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි සිරකරුවෙකු අද අලුයම 4.30 පමණ සිය සරමෙන් එල්ලී සිය දිවි හානි කර ගෙන තිබේ. 

හෙරෝයින් මත්ද්‍රව්‍ය ලග තබා ගැනිම යන චෝදනාවට ලක්ව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය මගින් නියම කරන ලද බන්ධනාගාර ගත කිරිම (1518) යටතේ දඩුවම් ලබා මහනුවර බෝගම්බර නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය සදහා යොමුකල  අයෙකු මෙලෙස සිය දිවි තොර කර ගෙන තිබේ. 

මොහු ගල්කිස්ස බඩෝවිට තුන්වන අදියරේ 135 ඒ නිවසේ පදිංචි පනස් හැවරිදි සුමිත් අපොන්සු බව පොලිස් පරික්ෂණ මගින් අනාවරණය කර ගෙන ඇත. 


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හෙරෝයින් පාවිච්චි කිරිමේ අවස්ථාවන් මග හැරිම මත ඇතිවූ මානසික ආතතිය හේතුවෙන් ඔහු මෙවැන්නක් සිදුකර ගන්නට ඇතැයි පරික්ෂණවලදි සැක කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. 

Exit mobile version