බොහෝ අය වෙනුවෙන් උණුවන ජනපතිගේ හිත රන්ජන් වෙනුවෙනුත් උණුවේවා…. කරූ ජයසූරිය

ranjan-ramanayake

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බොහෝ අය වෙනුවෙන් උණුවන ගරු ජනාධිපතිතුමාගේ හිත රන්ජන් රාමනායක වෙනුවෙනුත් උණුවෙත්වා යැයි තමා ප්‍රාර්ථනා කරන බව සාධාරණ සමාජයක් සඳහාවන ජාතික ව්‍යාපාරයේ සභාපති, හිටපු කථා නායක කරූ ජයසූරිය පවසයි.

තමා එම ඉල්ලීම රන්ජන් රාමනායක වෙනුවෙන් කරන්නේ ජානතාව අතරින් නැගෙන අභියාචනයක් සේ සලකා බවත් ඔහු කියයි.

ජනාධිපති සමාව යටතේ ඔහු වෙනුවෙන් ගත හැකි නීත්‍යානුකූල ක්‍රමවේදයන් හා සම්ප්‍රදායන් යොදාගෙන ඒ පළිබඳව සලකා බලන සේ තමන් ජනාධිපති ඇතුළු සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බවත් කරූ ජයසූරිය පවසයි.

අධිකරණයට අපහාස කිරීමේ වරදට යටත්කොට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක බරපතල වැඩ ඇතිව සිව් අවුරුදු සිර දඬුවමකට යටත් කළේය.

Exit mobile version