බොරු ප්‍රචාරය කරලා… ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපතිගෙන් පොලිසිය ප්‍රශ්න කරයි.

fake-news

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙරට රාජ්‍ය බෙව් අඩවි රැසකට අද (04) දින සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි කී ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජීව යසිරු කුරුවිටගේ මැතිවු පොලිස් පරිගණක අපරාධ ඒකකයට කැඳවා ප්‍රශ්න කළ බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපතිවරයා අද පවසා තිබුණේ ජනාධිපති කාර්යාලය, විදේශ අමාත්‍යාංශය, පවුල් සෞඛ්‍ය කාර්යාංශය , ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව, වයඹ පළාත් කළමනාකරණ සංවර්ධන හා පුහුණු ඒකකය යන වෙබ් අඩවිවලට මෙම දැවැන්ත සයිබර් ප්‍රහාරය එල්ල වී ඇති බවය.

එහෙත් මේ පිළිබඳ ප්‍රකාශයක් කරමින් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසන්නේ රජයේ කිසිදු වෙබ් අඩවියකට සයිබර් ප්‍රහාරයක් එල්ල වී නැති බවය.
එවැනි සයිබර් ප්‍රහාරයක් එල්ල වූ බවට ව්‍යාජ තොරතුරු පතුරුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජීව යසිරු කුරුවිටගේ මැතිවු පොලිස් පරිගණක අපරාධ ඒකකයට කැඳවා ප්‍රශ්න කර තිබේ

Exit mobile version