බුද්ධි තොරතුරු සමාජ ජාලයට මුදා හැරියොත් වෙන දේ පොලිස් මූලස්ථානය නිවේදනය කරයි!

බුද්ධි අංශ විසින් රහසිගත තොරතුරු වාර්තා කරනු ලබන ලේඛන හෝ වාර්තා තොරතුරු එළිදරව් කිරිම රාජ්‍ය  රහස් පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් වන්නා සේම මහජන ආරක්ෂාවට හානි විය හැකි තොරතුරු පරිගණක ඔස්සේ ප්‍රචාරය කිරීම ද අපරාධ පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බව පොලිස් මූලස්ථානය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

මෙම නිවේදනය නිකුත්  කරන්නේ අද (26) උදේ සිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණු බුද්ධි තොරතුරකට අදාල විමර්ශනයකට යොමු කරන   රහස්‍ය ලේඛනයක් ගැනය.

මෙම ලේඛනයේ අන්තර්ගත වූයේ  අන්තවාදී මුස්ලිම් සංවිධානයක් හා සම්බන්ධ වට්ස්ඇප් ජාලයක් පිළිබඳව නිකුත් කළ තොරතුරකි.


පොලිස් බුද්ධි අංශ විසින් ජාතික ආරක්ෂාව පිළිබඳ තර්ජනයක් විය හැකි ඕනෑම තොරතුරක් එක්රැස්කර විමර්ශනය කරන බවත්, එවැනි තොරතුරක් ලැබීම හෝ වාර්තා කිරීම මගින් පමණක් යම් සිදුවීමක් සිදුවන බවට තහවුරු නොවන බවත්  එම නිවේදනය පැහැදිලි කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත්  තොරතුරු නිරවද්‍යතාවය තහවුරු කරන වෙබ් අඩවියක් වන srilanka.factcrescendo.com වෙබ් අඩවිය මෙම සංසරණය වන පුවතේ  පදනම් රහිත බව තහවුරු කර තිබේ.

Exit mobile version