“රුපියල් බිලියන 500ක් බේරගන්න ආණ්ඩුව ජීවිත දසදහසක් බිල්ලට දෙන්න යනවා!”

Dr. Harsha attacks the government

harsha de silva

රුපියල් බිලියන 500ක් වෙනුවෙන් රටේ ජනතාවගේ ජීවිත දහ දහසක් බිලි දීමට රජය උත්සාහ කරන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. මාධ්‍යයට අදහස් දක්වමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මේ බව සඳහන් කළේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයන් ඇතුළු විශේෂඥ මණ්ඩලය විසින් කොවිඩ් වසංගතයේ ශ්‍රි ලංකාවේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් සකස් කරන ලද වාර්තාව පිළිබඳව අදහස් දක්වමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්ව අචාර්ය හර්ෂ ද සිල්වා

පසුගියදා ලෝක සෞඛ්‍ය සංවිධානයත් සම්බන්ධ විශේෂඥ කමිටුවක් විසින් නිකුත් කරන ලද වාර්තාවකින් පවසා තිබුණේ සැප්තැම්බර් 18 වැනිදා වන තෙක් රට වසා දැමුවහොත් ජීවිත 7500ක් බේරා ගත හැකි බවත් ඔක්තෝබර් 02වැනි දා වන තෙක් රට වසා දැමුවහොත් ජීවිත සහ දහසක් බේරා ගත හැකිය යන්නයි. ඔවුන් මේ කාල සීමාව තුළ සිදුවිය හැකි ආර්ථික පාඩුවත් ගණනය කර තිබුණා. ඔවුන්ට අනුව සැප්තැම්බර් 18 වැනිදා වන තෙක් රට වසා තැබුවහොත් ආර්ථිකයට වන පාඩුව ඇමෙරිකානු ඩොලර් මිලියන 1.7යි. ඔවුන් තවදුරටත් කියනවා ඔක්තොබර් 02 වැනිදා වන තෙක් වසා තැබුවහොත් ආර්ථිකයට සිදුව පාඩුඩ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.2යි. මෙ වර්තමාන විනිමය අනුපාත සමඟ සැසඳීමේ දී ශ්‍රි ලංකා රුපියල් බිලියන 500ක්.


මේ බිලියන 500 බේරගන්න ඕන කියන ආණ්ඩුවේ සමහරු මත පළ කරනවා රට අරින්න ඕන කියල. ඊට කලින් අපි කල්පනා කරන්න ඕන මේ වියත් මග ආර්තික මොඩලය අපිට ගැලපෙනවද කියල. මේ විකල්ප ආර්ථික මොඩලය හරහා රුපියල 182 සි 225 දක්වා බාල්දු වෙලා.රුපියල් 40 ගාණකින් අවප්‍රමාණනය වෙලා. අපේ විදේශ ණය ඩොලර් බිලියන 55කට පොඩ්ඩක් වැඩියි. රුපියල අවප්‍රමාණය වීම නිසා ලංකාවේ ණය වැඩි වීමේ ප්‍රමාණය රුපියල් බිලියන 2500යි. මේ වුණේ ආණ්ඩුවේ අදක්ෂතාව නිසා .

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද රටේ මිනිස්සුන්ට සිදුවෙලා තිබෙනවා රුපියල් බිලියන 500ක් බේර ගන්න ජීවිතවලින් බිලිවෙන්න. අපිට මේ ආණඩුව තියන්න පුළුවන්ද? ආණ්ඩුවට තියන විකල්ප ආණ්ඩුව තෙරුම් ගන්න ඕන. මේ හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේ ලේ රහ වෙනකල් කිව්වා විකල්ප ආර්ථිකය වැඩ කරන්නේ නෑ. සල්ලි අච්චු ගහල රටක් දියුණු කරන්න බෑ. ඔක්තෝබර් මාසේ තර්ක කළා. දැන්වත් ජාත්‍යන්තරය ගැන සාකච්ඡා කරන්න. මට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ආණ්ඩුව තල්ලු කරන්න ඕන නෑ. අර්බුදයට හිරවෙලා ඉන්න රටවල් ගොඩගන්න අත දෙන්න ජාත්‍යන්තර ආයතනයක්. ඉතින් මේ වෙලාවේ ආණ්ඩුව රුපියල් බිලියන 500ක් වෙනුවෙන් ජීවිත බිල්ලට නොදී මේ ගැන උනන්දු විය යුතයි කියලයි මම කියන්නේ

Exit mobile version