බැඳුම්කර හොරු නිදැල්ලේ… පාස්කු ප්‍රහාර චූදිතයො පාර්ලිමේන්තුවේ…. අපටත් එ.ජා.පයේ ඉරණම අත්වීමට නියමිතයි…

ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය ය විදුර වික්‍රමනායක නුවර දී කියයි...

එක් පැත්තකින් බැඳුම්කරු හොරු නිදැල්ලේ සිටියදී අනෙක් පසින් පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන චූදිතයෝ පාර්ලිමේන්තුව තුළත් සිටින බව පේන්න තිබෙන බවත් මේවා සම්බන්ධයෙන් නිසි ලෙස ක්‍රියාත්මක නොවුන හොත් එජපයට අත්වූ ඉරණම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අත්විය හැකි බවත් රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

මෙ රටේ දේශපාලනය හැසිරෙන විදිහ පුදුම සහගත බවත් ප්‍රතිපත්තිගරුක දේශපාලනයක් අද නොමැති බවත් ඇමතිවරයා කීය.

මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඊයේ (31) ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් කතා කළ රාජ්‍ය ඇමැතිවරයා මෙසේද කීවේය.


අද මනුෂ්‍යකම ඇතුළු බොහෝ දේවල් මුදල් වලට හුවමාරු වෙනවා . තීන්දු තීරණ නියෝග ඔක්කොම සල්ලි වලට ගන්න පුළුවන් තත්ත්වයක් තිබෙනවා. එවැනි වටපිටාවක තමයි ජනපති ගෝඨාභය රාජපක්ෂ  එක රටක් එක නීතියක් කියලා ජනපති ධූරයට පත්කර ගත්තේ. අද සිදුවන සමහර දේවල් දැක්කම අපිටත් සැකයක් ,කුකුසක් වගේම මදිපුංචිකමක් දැනෙනවා. බැඳුම්කර හොරු ටික ඇල්ලුවාද?. පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන චූදිතයෝ ඇල්ලුවද, සමහර අය පාර්ලිමේන්තුවෙත් ඉන්නවා. අපිට පේනවා. මේවා ගැන අපිටත් ප්‍රශ්නයක් තිබෙනවා.

අපිට මෙහෙම නම් ජනතාවට කොහොම ඇත්ද. ඔවුන් හැමදාම ඉවසන්නේ නැහැ. යම් වෙලාවක් එයි ගන්න ඕන තීරණය ගන්න සිදුවන. අපි හරිදේ නොකළොත් එජාපයට වෙච්ච දේ අපිටත් විය හැකියි.

කාබනික පොහොර සංකල්පය බොහොම හොඳයි. නමුත් එකසැරේ ඒක ක්‍රියාත්මක කරන්න බැහැ. ඒ සඳහා කාලයක් අවශ්‍යයි. මිනිස්සු එක්ක වැඩ කරනවා වගේම තමයි පස සහ පැලෑටි එක්කත් වැඩ කරන්න ඕන. ඒවා පණ තියෙන දේවල්. අපි මේ ගැන විශේෂ සැලකිල්ලක් දක්වන්න ඕන. අපි දාන පොහොර නොවෙයි ගසට උරා ගන්නේ.ගසට ඕන පොහොරත් නෙවෙයි එක පැත්තකින් අපි දාන්නේ. පසට ඕන තව දේවල් තියෙනවා. ආවාට ගියාට එක රැයකින් කාබනික පොහොර වලට හුරු කරන්න බැහැ. පසත් පුරුදු වෙලා රසායනික පොහොර වලට. බීජ හා පැලෑටි පොහොරට සංවේදීයි. පළිබෝධ පාලනය කරන්න දැනට විකල්ප මොනවදා? බරපතල ප්‍රශ්නයක් මේක.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සංකල්පය හොඳ වුණාට කරන විදිහක් තිබෙනවා. ප්‍රායෝගික ක්‍රමවේදයකට යායුතුයි.

Exit mobile version