බැඳුම්කරේට හිරවූ ඇලෝෂියස්ලාට අත්හිටුවූ සුරාබදු බලපත්‍රය ලැබෙයි

මහබැංකු බැදුම්කර වංචාවේ චූදිතයන් බවට පත්වූ අර්ජුන ඇලෝෂියස්ට අයත් ඩබ්.එන්. මෙන්ඩිස් සහ සමාගමට යළි තම නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව අවසර දී ඇති බව ‘ද මෝනිං’ පුවත්පත වාර්තා කරයි.

සුරාබදු කොමසාරිස් ජෙනරාල් කපිල කුමාරසිංහ මහතා උපුටා දක්වමින් එම පුවත්පත සඳහන් කරන්නේ එම සමාගම විසින් කරන ලද ඉල්ලීම් ගණනාවක් සළකා බැලීමෙන් පසුව මෙම පියවර ගත් බවයි.

මේ වනවිට එම සමාගම රජයට ගෙවිය යුතු විශාල බදු මුදල් ප්‍රමාණයක් ගෙවීම මඟහැර ඇති බවට වාර්තා වන අතර ඒ හේතුවෙන් 2018 වසරේ ජනවාරි මාසයේ සිට සුරාබදු බලපත්‍රය අත්හිටුවීමට පියවර ගත්තේ ය.


කොමසාරිස්වරයාට අනුව මෙම හිඟ බදු මුදල් කොටස් වශයෙන් ගෙවීමේ එකඟතාව මත මෙලෙස යළි නිෂ්පාදන කටයුතු සිදුකිරීමට අවසර ලබාදී ඇත.

වාර්තා වන ආකාරයට 2017 දෙසැම්බර් මාසය වනවිට එම සමාගම රුපියල් මිලියන 580ක බදු මුදල් හිඟයක් පවත්වාගෙන තිබුණි.

ඒ අනුව එම සමාගම රජයට ගෙවිය යුතු සමස්ත හිඟ බදු මුදල රුපියල් මිලියන 720ක් බව සඳහන් වේ.

මෙම මුදලින් කොටසක් බලපත්‍රය යළි ලබාදීමට කලින් ගෙවා ඇති බවට ද සුරාබදු දෙපාර්තමේන්තු ආරංචි සදහන් කරයි.

අර්ජුන ඇලෝෂියස්ගේ බැදුම්කර ගනුදෙනුවට අදාළ පර්පෙචුවල් ට්‍රෙෂරීස්හි පර්පෙචුවල් කැපිටල් සමාගම 2011 වසරේදී ඩබ් එම් මෙන්ඩිස් සමාගමේ පාලන අයිතිය රුපියල් බිලියනයකට ලබාගත් බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙන්ඩිස් යනු 1960 සිට ශ්‍රී ලංකාවේ මධ්‍යසාර කර්මාන්තයේ නියැලෙන සමාගමකි.

Exit mobile version