බාර් ලඟ හැසිරීම අන්තිමයි… දුම්කොළ සහ මධ්‍යසාර පිලිබඳ අධිකාරිය සුරාබදු දෙපාර්තමේන්තුවට ලියයි..

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සුරාසැල් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට බලතල ඇත්තේ සුරාබදු දෙපාර්තමේන්තුවට මිස සෞඛ්‍ය අමාත්‍යංශයට නොවන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ රංජිත් බටුවන්තුඩාව සඳහන් කරයි.

මේ වන විට විවෘත කර ඇති සුරාසැල් ආශ්‍රිතව පුද්ලයින්ගේ හැසිරීම පිලිබඳව කිසිවිටෙකත් සෑහීමකට පත්විය නොහැකි බව දන්වමින් දුම්කොළ සහ මධ්‍යසාර පිළිබද අධිකාරියේ සභාපතිවරයා සුරාබදු අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිඛිතව දැනුම් දී ඇතැයිද වෛද්‍ය බටුවන්තුඩාව කියයි.

කොවිඩ් පාලනය සම්බන්ධයෙන් මාර්ගෝපදේශ නිකුත් කිරිමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලය ඇති නමුත් සුරාසැල් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට බලයක් නොමැති බවද සඳහන් වේ.


Exit mobile version