බ්‍රිතාන්‍යයේ සංචරණ සීමා ලිහිල් කිරීමට පැය කිහිපයක් තිබියදී අගමැති ස්වයං හුදෙකලා වෙයි

boris johnson

කොරෝනා වෛරස ව්‍යාපත්තිය වැලැක්වීමට බ්‍රිතාන්‍ය පනවා තිබූ සංචරන සීමා සම්පූර්ණයෙන්ම පාහේ ඉවත් කිරීමට පැය කිහිපයක් තිබියදී එරට අග්‍රාමාත්‍ය බෝරිස් ජොන්සන්ව ස්වයං හුදෙකලා කිරීමකට යොමුකර තිබේ.

බ්‍රිතානයේ සෞඛ්‍ය අමාත්‍ය සජිඩ් ජාවිඩ් හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වීමත් සමඟ ඔහුගේ ආශ්‍රීතයෙකු වූ අග්‍රාමත්‍ය ජොන්සන් ස්වයං හුදෙකලා කිරීමකට යොමු කිරීමට පියවරගෙන ඇත.

බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ආශ්‍රීතයෙකු බවට අග්‍රාමාත්‍ය ජොන්සන් හදුනාගෙත්තද ඔහු හුදෙකලා කිරීමකට ලක් නොවන බවට ප්‍රකාශ කර පැය එකහාමාරක පසු එම තීරණය වෙනස් කිරීම සම්බන්ධයෙන් බොහො දෙනෙක් ප්‍රශ්න කිරීමට ආරම්භ කර ඇත.


ඒ අනුව එරට විපක්ෂ දේශපාලන පක්ෂ ප්‍රකාශ කර ඇත්තේ “ඔවුන්ට එක් නීතියක් අනෙක් අයට තවත් නීතියක්” යනුවෙනි.

කෙසේවෙතත් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලය නිවේදනය කර ඇත්තේ අග්‍රාමාත්‍යවරයා සියලු සාකච්ඡාවලට අන්තර්ජාලය ඔස්සේ සහභාගීවීමට නියමිත බවයි.

සඳුදා සිට බ්‍රිතාන්‍ය සංචරන සීමා ලිහිල් කිරීමට සැලසුම් කර ඇති අතර එහිදී මුඛ ආවරණ පැලදීමේ සහ සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යාම පිළිබඳ රෙගුලාසි ලිහිල් කිරීමටද නියමිතය.

මේවන විටත් බි්‍රතාන්‍ය පුරා කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය පැතිර යමින් පවතින බැවින් වෛද්‍යවරුන් සංචරන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක් පළකර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේවෙතත් බ්‍රිතාන්‍ය ජනගහනයෙන් සැලකිය යුතු ප්‍රතිශතයකට කොරෝනා මර්ධන එන්නත් මාත්‍රා දෙකම ලබාදී ඇති අතර ඉතිරි පිරිසටද කඩිනමින් එන්නත් ලාබදීමට සිදුවෙමින් පවතී.

Exit mobile version