බයිඩන් පුටින් හමුව නිමවෙයි

biden-putin

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර ජිනීවා හී පැවති විශේෂ හමුව අපේක්ෂා කළ කාලයට පෙර අවසන් විය.

මෙම හමුවේදී දෙරටේ නායකින් තම රටවල තානාපතිවරුන් යලිත් තානාපති කාර්යාලවලට යොමු කිරීමට තිරණය කර තිබේ.

මෙහිදී දෙරටේ නායකයින් සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන්ද සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන්ද අවදානය යොමුකර ඇත.


ඒ සම්බන්ධයෙන් රුසියානු ජනාධිපතිවරයා මාධ්‍ය අමතමින් කියා සිටියේ රටවල් දෙකම මේ පිළිබඳ යම් වගකීම් සහගතව කටයුතු කළ බවට විශ්වාස කරන බවයි.

එහිදී ඔහු පෙන්වා දී සිටියේ ඇමරිකාවට මෙන්ම රුසියාවටද හැකිර් ප්‍රහාර එල්ලවීමේ අවදානම් පවතින් බවයි. එමෙන්ම මෑතකදී රුසියාවේ සෞඛ පද්ධතියට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම හමුවේ කොටසක් දෙකක් ලෙස පැවති අතර සමස්ථ හමුවම පැය හතරත් පහත් අතර කාලයක් පැවති බවට බලපොරොත්තු වුවත් එය පැය තුනකට පමණ සීමා විය.

Exit mobile version